Search

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

2020 වසරේ ආරම්භ කරන ලද COVID-19 හෝටල් නිරෝධායන වැඩසටහනට අදාළව 2021 දී සිදු වූ බව කියන නීති උල්ලංඝනය කිරීම් 58ක් සම්බන්ධයෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල වී තිබුණා.

සෞඛ්‍ය අමාත්‍ය මේරි ඈන් තෝමස් අද උදෑසන තහවුරු කළේ දෙපාර්තමේන්තුවට එරෙහි චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර ඇති බවයි.

නිරෝධායන හෝටල්වල ආසාදන වැලැක්වීම සහ පාලනයට විශේෂඥයින් පත් කිරීමට අපොහොසත් වීමෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෘත්තීය සහ ආරක්ෂාව පිළිබඳ නීති කඩ කළ බවට වර්ක් සේෆ් විසින් චෝදනා කර තිබුණා.

සේවකයින්ට ආරක්ෂිත පරිසරයක් ලබා දීමට අපොහොසත් වීම ඇතුලු චෝදනා 17ක් මෙන්ම සේවකයින් නොවන පුද්ගලයින් අවදානමට ලක් නොවන ආකාරයෙන් කටයුතු කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් චෝදනා 41ක් වනවා.

මහජන නඩු පවරන කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ සාක්ෂිකරුවන් 10 දෙනෙකුගේ සාක්ෂි පිළිගත නොහැකි බවයි.

මේ අතර දෙපාර්තමේන්තුවට එරෙහිව අපරාධ නඩු කටයුතු නතර කිරීමට ගත් තීරණයෙන් දැඩි කලකිරීමට පත්ව සිටින බව නිවේදනයක් නිකුත් කරමින්, WorkSafe ප්‍රකාශකයෙකු සඳහන් කළා.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »