සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

පසුගිය අගෝස්තු මාසයේදී කොලක් ප්‍රදේශයේ සෞඛ්‍ය මධ්‍යස්ථානයක සිදු කළ සංචාරයක් අතරතුරයි මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ.

එම වෛද්‍ය මධ්‍යස්ථානය ඉතා කාර්යබහුල බව ඒත්තු ගැන්වීම සඳහා ඔවුන් මෙම වංචනික රංගනයේ නිරත වී ඇති බවට අනාවරණ වී තිබෙනවා.

මෙම උපක්‍රමයට සම්බන්ධ කාර්ය මණ්ඩල සාමාජිකයින් 10 දෙනාගෙන් එක් අයෙකු ගිලන් රථයකින් පවා රෝගියෙක් ලෙසට පැමිණි බව හෙළිවී තිබෙනවා.

අදාළ වෛද්‍ය මධ්‍යස්ථානය තමන්ගේම කාර්ය මණ්ඩලය භාවිතා කරමින් එය ඉතා කාර්යබහුල හදිසි සත්කාර මධ්‍යස්ථානයක් ලෙස පෙන්වා දීමට මෙම කටයුතු සිදු කර ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන වාර්තාව අද සෞඛ්‍ය බලධාරීන්ට භාරදී තිබෙනවා.

එමගින් පෙන්වා දී ඇත්තේ රෝගීන් ලියාපදිංචි කිරීමේ දත්ත පද්ධතියට කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ නම් ලියාපදිංචි කර ඇමතිවරියගේ සංචාරයෙන් පසු ඒවා අවලංගු කර ඇති බවයි.

මෙමගින් සැබෑ රෝගීන්ගේ සෞඛ්‍යයට සහ ආරක්ෂාවට සෘජු බලපෑමක් නොතිබුණ ද රෝගී සත්කාරවලට බලපෑම් එල්ල විය හැකි සම්භාවිතාවක් පවතින බව සමීක්ෂණ වාර්තාව පෙන්වා දී තිබෙනවා.

අදාළ කාර්ය මණ්ඩලය 10 දෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් නොගන්නා නමුත් සිදුවීමේ බරපතලකම පිළිබඳව ඔවුන්ට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »