සිඩ්නි අවට ප්‍රදේශ කිහිපයකට අනතුරු ඇඟවීමක්

සිඩ්නි නිරිතදිග ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

කුඩා ළමයෙකු සරම්ප ආසාදනය වී සිටියදී නිරිතදිග සිඩ්නි ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට ගොස් ඇති බවඅනාවරණ වීමත් සමගයි සෞඛ්‍ය නිලධාරීන් මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ පැවසුවේ දරුවා මෑතකදී මැද පෙරදිග රටක සිට සිඩ්නි වෙත පැමිණ ඇති බවයි.

බෑන්ක්ස්ටවුන් ග්‍රීන්ඒකර් සහ යගුනා හි ස්ථාන වෙත ගමන් කළ පුද්ගලයන් සරම්ප රෝග ලක්ෂණ වර්ධනය වීම පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බව නිලධාරීන් දැනුම් දෙනවා.

පරීක්ෂාකාරී විය යුතු රෝග ලක්ෂණ අතර උණ, ඇස්වල වේදනාව සහ කැස්ස ඇතුළත් වනවා.

සාමාන්‍යයෙන් දින තුනකට හෝ හතරකට පසු රතු ලප ඇතිවී කැසීමක් හටගන්නා අතර එය හිසේ සහ මුහුණේ සිට ශරීරයේ සෙසු කොටස් දක්වා පැතිරෙන බවයි වෛද්‍යවරුන් කියාසිටියේ.

සිඩ්නි ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය මිචෙල් ස්මිත් සඳහන් කළේ නිරාවරණයකින් පසු රෝග ලක්ෂණ මතු වීමට දින 18ක් ගත විය හැකි බවයි.

එබැවින් මෙම ස්ථානවලට ගිය පුද්ගලයින් ජූනි 7 වනදා දක්වා රෝග ලක්ෂණ පිළිබඳ අවධානයෙන් පසුවීම වැදගත් බවයි ඔහු අවධාරණය කළේ.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »