Search

ආහාර සොයා කසල බඳුන් පීරන ඔස්ට්‍රේලියානුවෝ

ආහාර සොයා පුන්‍යායතන වෙත පැමිණෙන ඔස්ට්‍රේලියානුවන් අතුරින් වැඩි පිරිසක් ආහාර සොයා ගැනීම සඳහා කසල බඳුන් වෙත ප්‍රවේශ වන බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

මාස 12ක කාලයක් පුරා පුණ්‍යායතන සේවා වෙත ප්‍රවේශ වූ ඔස්ට්‍රේලියානුවන් 1500ක් යොදා ගනිමින් සැල්වේශන් ආමි විසිනුයි මෙම අධ්‍යනය සිදු කර ඇත්තේ.

සමීක්ෂණයට සහභාගි වූවන්ගෙන් සියයට 63ක් ආහාර වේල් මඟ හැර ඇති අතර තවත් සියයට 45ක් සඳහන් කර ඇත්තේ නිවාස කුලී ගෙවීමට හේතුවෙන් ආහාර වේල් මගහරින බවයි.

පර්යේෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් හතරෙන් එකකට වැඩි පිරිසකට කල් ඉකුත් වූ හෝ නරක් වූ ආහාර අනුභව කිරීමට හුරුව ඇති බව සඳහන්.

එසේම ඔවුන් අතුරින් සෑම විසි දෙනෙකුගෙන් එක් අයෙක් කසල බඳුන් තුළ වූ ආහාර අනුභවයට යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

සැල්වේශන් ආමිහි මේජර් වොරන් එලියට් පැවසුවේ මෙලෙස ඔස්ට්‍රේලියානුවන් කසල බඳුන් තුළ වූ ආහාර අනුභවයට යොමු වීම ඉතාමත් බැරූරුම් තත්වයක් බවයි.

තම දරුවන්ට අවශ්‍ය දෑ මිලදී ගැනීමට හැකි වන පරිදි ඇය බොහෝ විට ආහාර ගැනීම මඟහරින බව සමීක්ෂණයට සහභාගී වූ 33 හැවිරිදි මවක් ප්‍රකාශ කළා.

ප්‍රචණ්ඩත්වයට ගොදුරු වීමෙන් පසු උපකාර පතන කාන්තාවන් සහ ළමුන්ගේ සංඛ්‍යාවේ සියයට 35 ක වැඩිවීමක් පෙන්වන බව ද එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඔස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමේ ගාස්තු ඉහළට

නව විශ්ලේෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන්ට විශේෂඥ වෛද්‍යවරුන් හමුවූවීම සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව අනාවරණය වී තිබෙනවා. ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු විශේෂඥ වෛද්‍යවරුන් හමුවීම

Read More »

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »