Search

සිඩිනිවලින් සුඛෝපභෝගී නිවසක් මිලදී ගන්න අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ මෙතෙක් අලෙවි වූ මිල අධිකම නිවස සඳහා වන වාර්තාව බිඳ දැමීමට සිව්මහල් සුඛෝපභෝගී මන්දිරයක් අලෙවියට සුදානම් කෙරෙමින් පවතිනවා.

ඔස්ට්‍රේලියානු ව්‍යවසායකයෙකු වන ජෝන් සිමන්ඩ්ට අයත් Point Piperහි පිහිටි වින්ගඩාල් නම් සුඛෝපභෝගී නිවස ඩොලර් මිලියන 200ක වාර්තාගත මිලකට මෙලෙස අලෙවි කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

සිඩ්නි වරාය ආසන්නයේ පිහිටි මෙම සිව්මහල් සුඛෝපභෝගී නිවසේ වත්මන් හිමිකරු 2022 වසරේ දී එය ඩොලර් මිලියන 130ක මුදලකට මිලදී ගෙන තිබුණා.

නිවසේ හිමිකරු වන ඔසි හෝම් ලෝන් හි නිර්මාතෘ ජෝන් සිමන්ඩ් ප්‍රකාශ කළේ නිවස විකිණිමෙන් අනතුරුව තමන් විදේශගත වීමට අපේක්ෂා කරන බවයි.

ආසන 22 කින් යුත් සිනමා ශාලාවක් සහ වාහන 20ක් එකවර නවතා තැබීමට හැකි රථගාලක් ද වින්ගඩාල් නිවසට ඇතුළත්.

බෝතල් 2500ක ධාරිතාවයකින් යුත් වයින් බඳුනක් එහි තිබෙන අතර ගෘහ නිර්මාණ ශිල්පය අතින් ද වින්ගඩාල් නිවස මනරම් වනවා.

උපුල් තරංගට වරෙන්තු

තරග පවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, උපුල් තරංග ට මාතලේ මහාධිකරණය අද (08) වරෙන්තු නිකුත් කර තිබෙනවා

Read More »

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් පොලී අනුපාත අඩු කරයි

පවතින ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ මෙරට දැවැන්ත බැංකු හතරෙන් එකක් වන නැෂනල් ඔස්ට්‍රේලියා බැංකුව (NAB) විසින් ස්ථාවර පොලී අනුපාත (fixed interest rates) අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

$2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව

වැඩිහිටි වියට පැමිණීමත් සමග මුහුණේ සම මත හට ගන්නා රැළි සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ නව ක්‍රමවේදයක් ඔස්ට්‍රේලියාවේ දී හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »