Day: November 1, 2021

වසර 03 ක් ඔස්ටේ්‍රලියාවේ සිටි අයට PR ගන්න අලුත්ම වීසා කාණ්ඩ 02 ක්

ඔස්ටේ්‍රලියාවේ ස්ථිර පදිංචිභාවය ලබා ගැනීම සඳහා තවත් වීසා කාණ්ඩ 02 ක් හඳුන්වාදීමට ෆෙඩරල් රජය සූදානම් වේ. ලබන වසරේ මාර්තු 05 වනදා සිට ඒවා ආරම්භ කෙරෙනු ඇත. කෙසේවෙතත් මෙම වීසා කාණ්ඩ 02 අදාළ වනුයේ හොංකොං ජාතිකයන්ට පමණක් බව සංක්‍රමණ අමාත්‍ය Alex Hawke පැවසීය. ඔවුන් පසුගිය වසර 03-04 කාලය පුරා ඔස්ටේ්‍රලියාව තුළ වාසය කර – රැකියා කර හෝ අධ්‍යාපනය හදාරා සිටීම අනිවාර්ය වනවා. දැනට ඔස්ටේ්‍රලියාවේ සිටින ශිෂ්‍ය සහ තාවකාලික වීසා බලපත් හිමි හොංකොං ජාතිකයන් 8800 කට පමණ

Read More »

අද සිට ඔස්ට්‍රේලියානු Citizenship අයදුම් කිරීම online ක්‍රමයට

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවයට අයදුම් කරන ක්‍රමවේදයේ වෙනසක් අද සිට බලාත්මක කෙරේ. අද සිට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කිරීම online ක්‍රමයට සිදුකළ යුතුය. පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමේදී මෙතෙක් පැවති කඩදාසි අයදුම්පත් අද සිට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කෙරේ. සුදුසුකම් හා අයදුම්පත් ගාස්තු නොවෙනස්ව පවති. PR ලාභීන් පුරවැසිභාවය ලබා ගැනීමේදී අනුගමනය කරන ක්‍රමයට කිසිදු සංශෝධනයක් නොමැති බවද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

Read More »
SYDNEY

NSW ඊයේ කොවිඩ් ආසාධිතයන් 135 ක් / මරණ 04 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (31) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 135 ක් වාර්තා වි තිබේ. දැනට 349 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 77 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 04 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 574 කි. පසුගිය පැය 24 තුළදී පරීක්ෂණ 62,857 ක් සිදු කර ඇත. https://twitter.com/NSWHealth/status/1454931219221598213?s=20

Read More »
RAPID ANTIGEN

අද සිට ඔස්ටේ්‍රලියාවේ නිවාස තුළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා අවසර

අද (01) සිට ඔස්ටේ්‍රලියාවේ නිවාස තුළ රැපිඩ් ඇන්ටිජන් කොවිඩ් පරීක්ෂණ සිදුකිරීම සඳහා අවසර දී තිබේ. සෞඛ්‍ය ඇමති ග්‍රෙග් හන්ට් කියාසිටියේ ඒ සඳහා TGA හි අනුමැතියද ලැබී ඇති බවයි. මෙමගින් ඉතා පහසුවෙන් නිවසේදීම තමන්ටම පරීක්ෂණයක් කර ගැනීමට අවස්ථාව හිමිවන බවයි ඔහු පෙන්වා දෙන්නේ. දැනටමත් – aged care homes / නිරෝධායන මධ්‍යස්ථාන සහ රැකියා ස්ථානවල රැපිඩ් පරීක්ෂණ සිදුකෙරේ. රැපිඩ් පරීක්ෂණයේ නිරවද්‍යභාවය පී සි ආර් පරීක්ෂණයක් හා ඉහළම මට්ටමක නොපවතින නමුත් එමගින් විනාඩි 10 ත් 15 ත් අතරදී

Read More »

වික්ටෝරියාවේ ඊයේ කොවිඩ් ආසාදිතයින් 1,471 ක් | මරණ 4 ක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,471 ක් හමුව ඇත. මරණ 4 ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 21,959 කි https://twitter.com/VicGovDH/status/1454939427336179717?s=20 ඊයේ දිනයේදී (31) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 46,065 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 14,413 ක් ලබා දී තිබේ. අවදානම් ස්ථාන ලැයිස්තුව මෙතනින්- https://www.coronavirus.vic.gov.au/case-alerts-public-exposure-sites  

Read More »