වසර 03 ක් ඔස්ටේ්‍රලියාවේ සිටි අයට PR ගන්න අලුත්ම වීසා කාණ්ඩ 02 ක්

ඔස්ටේ්‍රලියාවේ ස්ථිර පදිංචිභාවය ලබා ගැනීම සඳහා තවත් වීසා කාණ්ඩ 02 ක් හඳුන්වාදීමට ෆෙඩරල් රජය සූදානම් වේ.

ලබන වසරේ මාර්තු 05 වනදා සිට ඒවා ආරම්භ කෙරෙනු ඇත.

කෙසේවෙතත් මෙම වීසා කාණ්ඩ 02 අදාළ වනුයේ හොංකොං ජාතිකයන්ට පමණක් බව සංක්‍රමණ අමාත්‍ය Alex Hawke පැවසීය.

ඔවුන් පසුගිය වසර 03-04 කාලය පුරා ඔස්ටේ්‍රලියාව තුළ වාසය කර – රැකියා කර හෝ අධ්‍යාපනය හදාරා සිටීම අනිවාර්ය වනවා.

දැනට ඔස්ටේ්‍රලියාවේ සිටින ශිෂ්‍ය සහ තාවකාලික වීසා බලපත් හිමි හොංකොං ජාතිකයන් 8800 කට පමණ මින් ස්ථිර පදිංචිභාවය ලබාගත හැකි බවද අමාත්‍යවරයා සඳහන් කලේය.

ඔස්ටේ්‍රලියාවේ රැකියා පුරප්පාඩු සපුරාලීම මෙහි ප්‍රධාන අරමුණයි.

ඔස්ටේ්‍රලියාවේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවගේද ඉල්ලීම වන්නේ අධ්‍යාපනය හෝ රැකියා කාල සීමාව අවසන්වූ පසු තමන් වෙනුවෙන්ද මෙවැනි ක්‍රමයක් හඳුන්වාදෙන්නේ නම් වඩාත් යෝග්‍ය බවයි.

නවසීලන්තය විසින්ද පසුගියදා නේවාසික වීසා පිරිනැමීම සරල කරන ලදී.

SOURCE : https://7news.com.au/news/immigration/australia-brings-in-hong-kong-visa-streams-c-4385151

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »