අගමැති මොරිසන් අසත්‍ය ප්‍රකාශ කල බවට ප්‍රංශ ජනපතිගෙන් චෝදනා

සබ්මැරීන ගණුදෙනුව සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියා අගමැති ස්කොට් මොරිසන් තමන්ට අසත්‍ය ප්‍රකාශ කල බවට ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන් චෝදනා කරනවා.

අමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය සමග ඇතිකරගත් ආරක්ෂක ගිවිසුම හේතුවෙන්, මීට ඉහතදී ඩොලර් බිලියන 37 ක වටිනාකමකට සබ්මැරීන 12 ක් ප්‍රංශයෙන් මිළදී ගැනීමේ සැලසුම අත්හරින බව ඔස්ටේ්‍රලියාව පසුගියදා නිවේදනය කලේය.

මීට ප්‍රංශයෙන් දැඩි විරෝධතා එල්ලවූ අතර ප්‍රංශ – ඔස්ටේ්‍රලියා සබඳතා මේ වනවිට කිසියම් ආකාරයක පලුදුවීමකට ලක්ව ඇත්තේ ද මෙම හේතුව මතයි.

තමන්ට ඔස්ටේ‍රලියානු ජනතාව කෙරෙහි දැඩි විශ්වාසයක් ඇති බවත් එම විශ්වාසය පලුදු නොවන ආකාරයෙන් කටයුතු කිරීම සියල්ලන්ගේ වගකීම විය යුතු බවත් ප්‍රංශ ජනාධිපතිවරයා පැවසීය.

මේ වනවිට ඉතාලියේ රෝම නුවර පැවැත්වෙන ජී 20 රාජ්‍ය නායක සමුලුවට ඔස්ටේ්‍රලියා අගමැතිවරයා සහ ප්‍රංශ ජනාධිපතිවරයා යන දෙදෙනාම සහභාගීවිී සිටිනවා.

 

source : https://www.bbc.com/news/world-59113710

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »