Search

සබ්මැරීන ගිවිසුම ගැන බොරු නොකියූ බව අගමැති මොරිසන් කියයි

සබ්මැරීන ගිවිසුම පිළිබඳ අසත්‍ය ප්‍රකාශ කල බවට එල්ල වන චෝදනා අගමැති ස්කොට් මොරිසන් ප්‍රතික්ෂේප කරනවා.

තමන් සෑම විටම ඔස්ටේ්‍රලියා ජනතාව පිළිබඳ පළමුවෙන් සිතා තීන්දු ගන්නා බවයි අගමැතිවරයා කියාසිටියේ.

ප්‍රංශ ජනාධිපතිවරයා විසින් තමා පිළිබඳ කල ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අගමැති මොරිසන් මේ බව පැවසීය.

සබ්මැරීන ගණුදෙනුව සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියා අගමැති ස්කොට් මොරිසන් තමන්ට අසත්‍ය ප්‍රකාශ කල බවට ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන් චෝදනා කරනවා.

අමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය සමග ඇතිකරගත් ආරක්ෂක ගිවිසුම හේතුවෙන්, මීට ඉහතදී ඩොලර් බිලියන 37 ක වටිනාකමකට සබ්මැරීන 12 ක් ප්‍රංශයෙන් මිළදී ගැනීමේ සැලසුම අත්හරින බව ඔස්ටේ්‍රලියාව පසුගියදා නිවේදනය කලේය.

මීට ප්‍රංශයෙන් දැඩි විරෝධතා එල්ලවූ අතර ප්‍රංශ – ඔස්ටේ්‍රලියා සබඳතා මේ වනවිට කිසියම් ආකාරයක පලුදුවීමකට ලක්ව ඇත්තේ ද මෙම හේතුව මතයි.

තමන්ට ඔස්ටේ‍රලියානු ජනතාව කෙරෙහි දැඩි විශ්වාසයක් ඇති බවත් එම විශ්වාසය පලුදු නොවන ආකාරයෙන් කටයුතු කිරීම සියල්ලන්ගේ වගකීම විය යුතු බවත් ප්‍රංශ ජනාධිපතිවරයා පැවසීය.

මේ වනවිට ඉතාලියේ රෝම නුවර පැවැත්වෙන ජී 20 රාජ්‍ය නායක සමුලුවට ඔස්ටේ්‍රලියා අගමැතිවරයා සහ ප්‍රංශ ජනාධිපතිවරයා යන දෙදෙනාම සහභාගීවිී සිටිනවා.

source : https://www.7news.com.au/politics/scott-morrison/scott-morrison-rejects-french-presidents-claim-he-lied-over-us-nuclear-submarine-deal-c-4386031

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »