Day: October 28, 2021

අතුරුදන්වූ Cleo Smith දැරිය දුටු බවට දුරකථන ඇමතුම් 200 ක්

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ කඳවුරු භූමියක සිටියදී අතුරුදන්වූ Cleo Smith දැරිය දුටු බවට දුරකථන ඇමතුම් 200 ක් පමණ පොලිසියට ලැබී තිබේ. එහෙත් එම කිසිවක් සනාථ කල තොරතුරු ලබාදී නොමැති බව බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත පොලිසිය කියා සිටී. කෙසේවෙතත් දැරිය පිළිබඳ තොරතුරු වෙතොත් අඛණ්ඩව ලබාදෙන්නැයි ඉල්ලීමක් කෙරේ. දැරිය අතුරුදන්ව ලබන සෙනසුරාදා දිනයට සති 02 ක් සම්පූර්ණ වෙයි. ඇය පිළිබඳ නිවැරදි තොරතුරකට ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් ලබාදෙන බවටද බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය දැනටමත් ප්‍රකාශයට පත් කර අවසන්. SOURCE :

Read More »

PHOTOS : ශ්‍රී ලංකාවේ ප්‍රථම ATV ධාවන පථය විවෘත වේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳු වල වාහන ධාවන පථය විවෘත වේ. කලම්බු ඩියුන්ස් ලෙස නම් කර ඇති මෙම ධාවන පථය අද (28) විවෘත කලේ ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග ප්‍රධානත්වයෙනි. ඒ කොළඹ වරාය නගරයේයි. කිලෝමීටර් 2ක පමණ ධාවන පථ 03කින් සමන්විත කලම්බු ඩියුන්ස් ධාවන පථය වරාය නගරයේ අක්කර 05ක පමණ භූමි ප්‍රදේශයක පැතිර තිබේ. මෙරට මුල්ම  ATV ධාවන පථය පිහිටා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ. ගම්පහ බුත්පිටිය මාළිගාතැන්න ප්‍රදේශයේ මෙම ධාවන පථය පිහිටා

Read More »

කොවිඩ් එන්නත නොගත් ක්වීන්ස්ලන්ත පොලිස් නිලධාරීන් 150 කගේ වැඩ තහනම්

ඔක්තෝබර් 4 ට පෙර කොවිඩ් එන්නත ලබාගැනීමට අපොහොසත් වූ ක්වීන්ස්ලන්ත පොලිස් නිලධාරීන් 150 කගේ පමණ වැඩ තහනම් කර තිබේ. මේ අතර ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසාදිතයෙකු වාර්තා නොවේ. ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 1,923 ක් හමුවී ඇඇති අතර කොවිඩ් මරණ 25 ක් ද සිදුවී තිබේ. ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පැතිරීම ආරම්භයේ පටන් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වූ ඉහළම කොවිඩ් මරණ සංඛ්‍යාව ලෙස එය සටහන් වේ. ගතවූ පැය 24 තුළ

Read More »

ඔස්ටේ්‍රලියාවේ සමස්ත ජනගහණයෙන් 75% ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර අවසන්

ඔස්ටේ්‍රලියාවේ සමස්ත ජනගහණයෙන් සියයට 75 ක් මේ වනවිට පූර්ණ එන්නත්කරණයට ලක් කර අවසන් බව අගමැති ස්කොට් මොරිසන් පවසයි. එය වැදගත් කඩඉමක් පසුකර යාමක් බවයි අගමැතිවරයා සඳහන් කලේ. කොවිඩ් වයිරසය නිසා මිය ගිය පුද්ගලයින් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල උදවියට අගමැති මොරිසන් සිය සංවේගය පළ කළේය. මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ බොහෝ කොවිඩ් නීති හෙට පස්වරු 6 සිට ලිහිල් කෙරේ. තවද හෙට සිට යම් පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු නිරාවරණය වූ ස්ථානයකට ඇතුළු වුවහොත් Service NSW app එක හරහා ඒ පිළිබඳ

Read More »

Australia Post නත්තල් රැකියා සඳහා 4000 ක් බඳවාගෙන අවසන්

නත්තල් වෙනුවෙන් හිත මිතුරන්ට යොමුකරන කාඩ්පත් හෝ ත්‍යාග පාර්සල් දෙසැම්බර් මැද භාගය වනවිට යවා අවසන් කරන්නැයි Australia Post දැනුම් දෙයි. දැනටමත් අති විශාල පාර්සල් තොගයක් ගොඩ ගැසී ඇති බැවින් ප්‍රමාදයන් සිදුවිය හැකි බවටයි ඔවුන් අනතුරු අගවන්නේ. මේ අනුව බෙදා හැරීම් භාරගන්නා අවසන් දින වකවානුද Australia Post විසින් නිවේදනය කර තිබේ. Christmas cut-off dates Domestic cut-off dates for parcels: Anywhere in Australia (except WA and NT) – Parcel Post: 13 December, Express Post: 20 December WA and NT –

Read More »