Day: October 28, 2021

ලොව ප්‍රමුඛතම පර්යේෂණ විද්‍යාඥයින් 2% තුළ ශ්‍රී ලාංකිකයින් 24 ක්

ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන අමෙරිකාවේ ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලය නිකුත් කළ වාර්තාවකට අනුව ලොව ප්‍රමුඛතම පර්යේෂණ විද්‍යාඥයින් 2% තුළ ශ්‍රී ලාංකිකයින් 24 දෙනෙකු සිටී. ඒ අතරට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ, මහාචාර්ය මෙත්තිකා විතානගේ , සහ ආචාර්ය අනුශ්කා. යූ රාජපක්ෂ යන මහත්මීන් ඇතුළත්. පේරාදෙණිය, වයඹ, කොළඹ , කැලණිය සහ යාපනය විශ්වවිද්‍යාලවල පර්යේෂණ විද්‍යාඥයින් පිරිසක් ද ඇතුළත් වෙති. මීට අමතරව ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතන විද්‍යාඥයින් පිරිසක් ද ඇතුළත්.   source : https://www.newsfirst.lk/sinhala/2021/10/27/%e0%b6%bd%e0%b7%9c%e0%b7%80-%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%b8%e0%b7%94%e0%b6%9b%e0%b6%ad%e0%b6%b8-%e0%b6%b4%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba%e0%b7%9a%e0%b7%82%e0%b6%ab-%e0%b7%80%e0%b7%92/

Read More »

PHOTOS : M80 Ring Road හිදී ට්‍රක් රථයක් ගිනි ගැනීමෙන් දැඩි රථවාහන තදබදයක්

Calder Freeway ආසන්නයේ M80 Ring Road හිදී ට්‍රක් රථයක් මාර්ගය හරහා පෙරළී ගොස් ගිනි ගැනීමෙන් දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ. තවත් වාහනයක ගැටී මාර්ග බාධකයකද ගැටීමෙන් අනතුරුවයි ට්‍රක් රථය පෙරළී ගොස් ගිනිගෙන ඇත්තේ. මෙහිදී කිසිවකු හෝ තුවාල ලබා ඇතිද යන්න තවමත් තහවුරු වී නැහැ. ට්‍රක් රථයේ ගෙන ගිය ද්‍රව්‍ය මාර්ගය පුරා විසිරී පවතී. Calder Freeway සහ Keilor Park Drive අතර M80 Ring Road හි සියලුම මංතීරු මේ වනවිට වසා දමා ඇත. https://twitter.com/VicTraffic/status/1453520744076431361?s=20   PIC –

Read More »

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා තරගය අද

පන්දුවාර 20 ලෝක කුසලානයේ සුපිරි කණ්ඩායම් 12 වටයේ ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා තරගය අද පැවැත්වෙනවා. පස්වරු 03 යි 30 ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී එය ආරම්භ වනු ඇති. දෙරට අතර මේ දක්වා පන්දුවාර 20 තරග 16 ක් පවත්වා ඇති අතර කණ්ඩායම් දෙකම තරග 08 බැගින් ජයගෙන තිබෙනවා. මේ අතර අද පැවැත්වෙන තරගයට දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසනවා. නෙදර්ලන්තය සමග පැවති තරගයේදී ආබාධයකට ලක්වු මහීෂ් තීක්ෂණ

Read More »

NSW ඊයේ කොවිඩ් ආසාධිතයන් 293 ක් / මරණ 02 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (27) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 293 ක් වාර්තා වි තිබේ. දැනට 381 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 82 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 02 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 564 කි. පසුගිය පැය 24 තුළදී පරීක්ෂණ 89,678 ක් සිදු කර ඇත. https://twitter.com/NSWHealth/status/1453481665062338560?s=20

Read More »

වික්ටෝරියාවේ ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් 1,923ක් | මරණ 25ක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,923 ක් හමුව ඇත. මරණ 25ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 22,189 කි ඊයේ දිනයේදී (27) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 82,648 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 21,272ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1453481660951904256?s=20 අවදානම් ස්ථාන ලැයිස්තුව මෙතනින්- https://www.coronavirus.vic.gov.au/case-alerts-public-exposure-sites

Read More »