T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා තරගය අද

පන්දුවාර 20 ලෝක කුසලානයේ සුපිරි කණ්ඩායම් 12 වටයේ ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා තරගය අද පැවැත්වෙනවා.

පස්වරු 03 යි 30 ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී එය ආරම්භ වනු ඇති.

දෙරට අතර මේ දක්වා පන්දුවාර 20 තරග 16 ක් පවත්වා ඇති අතර කණ්ඩායම් දෙකම තරග 08 බැගින් ජයගෙන තිබෙනවා.

මේ අතර අද පැවැත්වෙන තරගයට දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසනවා.

නෙදර්ලන්තය සමග පැවති තරගයේදී ආබාධයකට ලක්වු මහීෂ් තීක්ෂණ බංග්ලාදේශය සමග පැවති තරගයට ක්‍රීඩා කළේ නැහැ.

මේ වන විට ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »