PHOTOS : M80 Ring Road හිදී ට්‍රක් රථයක් ගිනි ගැනීමෙන් දැඩි රථවාහන තදබදයක්

Calder Freeway ආසන්නයේ M80 Ring Road හිදී ට්‍රක් රථයක් මාර්ගය හරහා පෙරළී ගොස් ගිනි ගැනීමෙන් දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ.

තවත් වාහනයක ගැටී මාර්ග බාධකයකද ගැටීමෙන් අනතුරුවයි ට්‍රක් රථය පෙරළී ගොස් ගිනිගෙන ඇත්තේ.

මෙහිදී කිසිවකු හෝ තුවාල ලබා ඇතිද යන්න තවමත් තහවුරු වී නැහැ.

ට්‍රක් රථයේ ගෙන ගිය ද්‍රව්‍ය මාර්ගය පුරා විසිරී පවතී.

Calder Freeway සහ Keilor Park Drive අතර M80 Ring Road හි සියලුම මංතීරු මේ වනවිට වසා දමා ඇත.

https://twitter.com/VicTraffic/status/1453520744076431361?s=20

 

PIC – VICTRAFFIC / 7NEWS

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »