PHOTOS : ශ්‍රී ලංකාවේ ප්‍රථම ATV ධාවන පථය විවෘත වේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳු වල වාහන ධාවන පථය විවෘත වේ.

කලම්බු ඩියුන්ස් ලෙස නම් කර ඇති මෙම ධාවන පථය අද (28) විවෘත කලේ ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග ප්‍රධානත්වයෙනි. ඒ කොළඹ වරාය නගරයේයි.

කිලෝමීටර් 2ක පමණ ධාවන පථ 03කින් සමන්විත කලම්බු ඩියුන්ස් ධාවන පථය වරාය නගරයේ අක්කර 05ක පමණ භූමි ප්‍රදේශයක පැතිර තිබේ.

මෙරට මුල්ම  ATV ධාවන පථය පිහිටා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ.

ගම්පහ බුත්පිටිය මාළිගාතැන්න ප්‍රදේශයේ මෙම ධාවන පථය පිහිටා තිබේ. එය කළුගල් කඳු අතර සැකසුනෙකි.

අද කොළඹ වරාය නගරයේ විවෘත කෙරුණු වැලි කඳු මත ධාවනය කෙරෙන  ATV ධාවන පථය මෙරට බිහිවුනු වැලි කඳු මත ධාවනය කෙරෙන ප්‍රථම ධාවන පථය වේ.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසන්නේ මෙවැනි ත්‍රාසජනක ක්‍රීඩා මෙරටට වැඩි වශයෙන් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට හේතු වන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිමය ප්‍රකාශය තුල ද මෙවැනි ත්‍රාසජනක ක්‍රීඩා සහිත සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන බව සඳහන් වේ. මෙය ඒ සඳහා මූලාරම්භයක් බවද ඇමතිවරයා මෙහිදී සඳහන් කලේය.

බලශක්ති බිල්පත් සහනය ගැන රජයට ප්‍රශ්නයක්

ෆෙඩරල් අයවැයෙන් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ බලශක්ති බිල්පත් සහනය එක් නිවසකට වඩා වැඩියෙන් ඇති පුද්ගලයන්ට ද අදාළ වන්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස ගැටලු ගැන අලුත් අනාවරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් කුලී නිවාස අවම ප්‍රමිතීන්වත් සපුරා ගැනීමට නොහැකි ව ඇති බව කුලී නිවාස ඉලක්ක කර ගනිමින් සිදු කළ රහසිගත සමීක්ෂණයක දි හෙළිව තිබෙනවා.

Read More »

සිසුවියන්ට අසැබි වදන් කියූ මෙල්බන්හි පාසල් සිසුන් පිරිසක් ගැන තීරණයක් ගනී

මෙල්බන්හි තවත් පාසැලක සිසුවියන්ට අසභ්‍ය වචන සහිත අන්වර්ථ නාම භාවිත කර අපහස කිරීමට සම්බන්ධ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඩිජිටල් ක්‍රමයට යන්න ප්‍රධාන බැංකුවකින් ගනුදෙනුකරුවන්ට දින 5ක්

ප්‍රධාන ඔස්ට්‍රේලියානු බැංකුවක් වන මැක්වරි (Macquarie) තම ගනුදෙනුකරුවන්ට ඩිජිටල් ගෙවීම් පද්ධති වෙත මාරු වීමට දින පහක කාලයක් ලබාදී තිබෙනවා.

Read More »