බලශක්ති බිල්පත් සහනය ගැන රජයට ප්‍රශ්නයක්

ෆෙඩරල් අයවැයෙන් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ බලශක්ති බිල්පත් සහනය එක් නිවසකට වඩා වැඩියෙන් ඇති පුද්ගලයන්ට ද අදාළ වන්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවී තිබෙනවා.

විචාරකයන් පෙන්වා දෙන්නේ නිවාස කිහිපයක් හිමි ඔස්ට්‍රේලියානුවන්ට ද අයවැයෙන් ප්‍රකාශයට පත් කරන ලද බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 300ක වට්ටම ලැබෙනු ඇත්ද යන්න පැහැදිලි කිරීමට අගමැති ඇන්තනි ඇල්බනීස් අසමත් වී ඇති බවයි.

ඊයේ අයවැය මගින් ප්‍රකාශ කෙරුණු විදුලිබල වියදම් සහන ෆෙඩරල් රජයේ ඩොලර් බිලියන 3.5ක ජීවන වියදම් පැකේජයේ ප්‍රධාන කොටසක් ලෙසටයි සැලකෙන්නේ.

එහෙත් මේ වන විට එය රජයට දේශපාලන ගැටළුවක් බවට පත්වී ඇත්තේ එක් නිවසකට වඩා හිමි පුද්ගලයින්ට ඩොලර් 300ක වට්ටම් කිහිපයක් ලැබෙන බවට ප්‍රකාශ වීම හේතුවෙන්.

දේපල එකකට වඩා හිමි ධනවත් ඔස්ට්‍රේලියානුවන්ට බලශක්ති මිල සහනය අවශ්‍ය වන්නේ ද යන්න සම්බන්ධයෙන් ද රජයට ප්‍රශ්න යොමුවී තිබෙනවා.

මේ අනුව නිවාඩු නිකේතන හෝ කුලී නිවාස හිමි පුද්ගලයින්ට එම නිවාස සියල්ලටම වට්ටම් ලැබේද යන්න පැහැදිලි කිරීමට අගමැතිවරයා අපොහොසත් වී ඇති බවයි පැවසෙන්නේ.

භාණ්ඩාගාරික ජිම් චාමර්ස් පැවසුවේ බලශක්ති බිල්පත් සහනය විදුලි බිලෙහි නම සඳහන් පුද්ගලයා වෙත ලබා දෙන බවයි.

මිනිසුන්ගේ ආදායම පිළිබඳ බලශක්ති සමාගම්වලට තොරතුරු නොමැති අතර ඊට නව පද්ධතියක් සැලසුම් කර නිර්මාණය කිරීමට සිදුවනු ඇති බවයි භාණ්ඩාගාරිකවරයා ප්‍රකාශ කළේ.

එය වැඩි කාලයක් ගත වන ක්‍රියාවලියක් වන බැවින් ඒ වෙනුවට සෑම නිවසකටම මෙම බලශක්ති බිල්පත් සහනය ලබා දෙන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »

සාගතයට ලක්වූ රටක් මුහුණ දෙන තත්ත්වයක් ඔස්ට්‍රේලියාවේ?

කුසගින්නෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ඉල්ලුම සපුරාලීමට සමස්ත ආහාර සහන පුණ්‍යායතනවලින් තුනෙන් දෙකකට පමණ නොහැකි වී ඇතැයි නව සමීක්ෂණ මගින් අනාවරණ වී වී තිබෙනවා.

Read More »

ආසියාවෙන් පැමිණි මිලියන ගණනක තහනම් ද්‍රව්‍ය ඇල්ලූ දැවැන්ත මෙහෙයුම

ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් මුහුදු භාණ්ඩ බහාලුම් හරහා රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ ඩොලර් මිලියන 12.4ක් වටිනා ඉලෙක්ට්‍රොනික දුම්වැටි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »