මෙල්බන්හි ප්‍රධාන අවන්හල් දෙකක ගින්නක්

මෙල්බර්න් නගරයේ ඇති වූ සැක කටයුතු ගින්නකින් අවන්හල් විනාශ වීමත් සමඟ නිවැසියන් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ජනප්‍රිය අවන්හල් දෙකක් තුළ ඇති වූ සැක කටයුතු ගින්නක් හේතුවෙන් ඒ ආසන්නයේ පදිංචිකරුවන් විශාල පිරිසකට අද අලුයම එම ස්ථානයෙන් ඉවත් වීමට සිදු වූ බවයි වාර්තා වන්නේ.

අලුයම 1.30ට පමණ ශාන්ත ජෝර්ජ් මාර්ගයේ චීස්කේක් වෙළඳසල තුළ ඇති වූ ගින්න යාබද සබ්වේ අලෙවිසැලට ද පැතිර ගොස් තිබුණා.

ගින්න හේතුවෙන් අවට නිවාසවල පදිංචිකරුවන් 11 දෙනෙකුට තම නිවෙස්වලින් ඉවත් වීමට සිදු වූ අතර, එක් අයෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ එය ඉතා බියජනක ගින්නක් බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර එය සොයා ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ගින්නෙන් කිසිවකුටත් තුවාල සිදුවී නැහැ.

මෙල්බන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ගින්න පිළිබඳ සීසීටීවී දර්ශන සමාලෝචනය කරමින් පවතින අතර සැකකරුවන් කිසිවෙකු හඳුනා ගැනීමට මෙතෙක් නොහැකි වී ඇති බවයි.

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »