සිසුවියන්ට අසැබි වදන් කියූ මෙල්බන්හි පාසල් සිසුන් පිරිසක් ගැන තීරණයක් ගනී

මෙල්බන්හි තවත් පාසැලක සිසුවියන්ට අසභ්‍ය වචන සහිත අන්වර්ථ නාම භාවිත කර අපහස කිරීමට සම්බන්ධ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

මැක්ලෙලන්ඩ් ද්විතීයික පාසැලේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් තම පන්ති කාමරයේ සිටි සිසුවියන්ට මෙලෙස ඳහා අසභ්‍ය අන්වර්ථ නාම භාවිත කර ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස සැකසූ නම් ලැයිස්තුවක් පාසලේ ළමුන් අතර බෙදා හැර ඇති බව වික්ටෝරියා පොලිසිය සඳහන් කළා.

වැඩබලන විදුහල්පතිනි ලෝරා ස්පෙන්ස් පැවසුවේ මේ සම්බන්ධ විනය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර සිසුන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම පිළිබඳ ප්‍රමුඛත්වය දී කටයුතු කරන බවයි.

මේ හේතුවෙන් බලපෑමට ලක් වූ සිසුවියන්ට උපදේශන සේවාවක් ලබා දෙන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

කිසිදු වික්ටෝරියානු පාසලක මෙලෙස සිසුවියන් කායික හෝ මානසිකව පීඩාවට ලක්කළ නොහැකි බවයි ප්‍රාන්ත අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළා.

මීට සති කිහිපයකට පෙර මෙල්බන්හි තවත් පාසැලක මෙවැනිම සිදුවීමක් වාර්තා වූ අතර යළිත් මෙවැනි දේ සිදු නොවීමට පාසැල් බලධාරීන් පියවර ගත යුතු බව අවධාරණය කර තිබෙනවා.

LPL තරඟාවලියේ සන්නාම තානාපති ධුරය මයිකල් ක්ලාක්ට

2015 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ( LPL 2024) තරගාවලියේ සන්නාම තානාපති ලෙස පත් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »