Search

ඩිජිටල් ක්‍රමයට යන්න ප්‍රධාන බැංකුවකින් ගනුදෙනුකරුවන්ට දින 5ක්

ප්‍රධාන ඔස්ට්‍රේලියානු බැංකුවක් වන මැක්වරි (Macquarie) තම ගනුදෙනුකරුවන්ට ඩිජිටල් ගෙවීම් පද්ධති වෙත මාරු වීමට දින පහක කාලයක් ලබාදී තිබෙනවා.

බැංකුව පසුගිය වසරේ ප්‍රකාශ කළේ ගනුදෙනුකරුවන් සඳහා මුදල්, චෙක්පත් සහ දුරකථන බිල්පත් ගෙවීම් ක්‍රමානුකූලව නතර කරන අතර සම්පූර්ණයෙන්ම මුදල් රහිත වූ පළමු බැංකුව බවට තමන් පත්වන බවයි.

මැයි 20 වනදා සිදු කෙරෙන වෙනස්කම් යටතේ පාරිභෝගිකයින්ට තවදුරටත් කවුන්ටර අසල කල් ගත කිරීම, චෙක්පත් තැන්පත් කිරීම හෝ එකතු කිරීම මෙන්ම කාර්යාලවල නව චෙක් පොත් ඇණවුම් කිරීමට අවශ්‍ය නොවන බව සඳහන්.

මැක්වරි ට්‍රාන්සැක්ෂන් (Macquarie Transaction) ගිණුමක් හෝ මැක්වරි ඩෙබිට් මාස්ටර්කාඩ් (Macquarie Debit Mastercard) සහිත ඔෆ්සෙට් ගිණුමක් ඇති පාරිභෝගිකයින්ට ඕස්ට්‍රේලියාව පුරා ATM යන්ත්‍රවලින් ගාස්තු රහිතව මුදල් ලබා ගැනීමට හැකි වනවා.

මෙම ක්‍රමවේදය අනුව නොවැම්බර් 1 වැනිදා සිට ඔස්ට්‍රේලියාවේ පස්වන විශාලතම බැංකුව සම්පූර්ණයෙන්ම මුදල් රහිත බවට පත් වනු ඇති බවයි පැවසෙන්නේ.

ඩිජිටල් බැංකුවක් ලෙස, 2024 නොවැම්බර් වන විට ආරක්ෂිත, වේගවත් සහ පහසු බැංකු මාර්ගයක් ලෙස සම්පූර්ණයෙන්ම ඩිජිටල් ගෙවීම් වෙත සංක්‍රමණය වීමට කැපවී සිටින බවයි මැක්වරි බැංකුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ.

ගනුදෙනුකරුවන්ගෙන් බහුතරයක් දැනටමත් ඩිජිටල් බැංකු ක්‍රමයට අනුගත වී ඇති අතර සියයට 1 කට වඩා අඩු අනෙකුත් ගනුදෙනුකරුවන් ඩිජිටල් ගෙවීම් ක්‍රම වෙත ප්‍රවේශය කිරීම සඳහා සහාය වීමට කටයුතු කරමින් සිටින බව ද ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් මැක්වරි බැංකුවේ මෙම පියවර ඩිජිටල් නොවන සේවා මත වැඩිපුරම යැපෙන වැඩිහිටියන් වැනි ඇතැම් විශේෂිත පුද්ගලයින්ට බලපාන ආකාරය පිළිබඳ විවේචනයට ලක්ව ඇතැයි ද සඳහන්.

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »