වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස ගැටලු ගැන අලුත් අනාවරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් කුලී නිවාස අවම ප්‍රමිතීන්වත් සපුරා ගැනීමට නොහැකි ව ඇති බව කුලී නිවාස ඉලක්ක කර ගනිමින් සිදු කළ රහසිගත සමීක්ෂණයක දි හෙළිව තිබෙනවා.

පාරිභෝගික ප්‍රතිපත්ති පර්යේෂණ මධ්‍යස්ථානය විසින් සිදු කළ මෙම සමීක්ෂණයකට අනුව හෙළිවී ඇත්තේ දැරිය හැකි මිල මට්ටම්වල පවතින නිවාසවල නඩත්තුව සම්බන්ධ ගැටළු හා අවම ප්‍රමිතීන් පිළිබඳ ගැටළු පැවති බවයි.

මෙල්බන් අගනුවර සහ තදාසන්න කුලී නිවාස 100කට වැඩි ප්‍රමාණයක් අධ්‍යයනය කරමින් මෙම සමීක්ෂණය සිදු කර ඇති අතර මෙම නිවාසවලින් හතරෙන් එකකට වඩා නඩත්තු ගැටළු පවතින බවයි වාර්තා වී ඇත්තේ

පවතින තරඟකාරී කුලී නිවාස වෙළඳපොල හේතුවෙන් බොහෝ දෙනෙකු අනාරක්ෂිත හා ජීවත් වීමට නුසුදුසු නිවාස තෝරාගැනීමට පෙළඹෙන බවද අනාවරණය වී තිබෙනවා.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කුලී දේපල සඳහා තිබිය යුතු අවම ප්‍රමිතීන් 2021 වසරේදි මාර්තු 29 වන දා නිකුත් කර තිබුණා.

එම ප්‍රමිතීන්ට අනුව පිටත දොරවල් සඳහා දොර අගුලු තිබීම, විවෘත කළ හැකි සහ වැසීමට හැකි පිටත ජනේල, නිවසේ සියලු කොටස් ආවරණය වන පරිදි පවතින විදුලි බුබුළු, හොඳ තත්වයේ මුළුතැන් ගෙයක් සහ හොඳ තත්වයේ පවතින වැසිකිලියක් යන නිර්නායකයන් ඊට ඇතුළත්.

අඩු කුලී මිල ගණන් යටතේ පවතින නිවාස වලින් සියයට 40ක් පමණ හොඳින් නඩත්තු කර නොමැති බව හෙළිව තිබෙනවා.

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »