කොවිඩ් එන්නත නොගත් ක්වීන්ස්ලන්ත පොලිස් නිලධාරීන් 150 කගේ වැඩ තහනම්

ඔක්තෝබර් 4 ට පෙර කොවිඩ් එන්නත ලබාගැනීමට අපොහොසත් වූ ක්වීන්ස්ලන්ත පොලිස් නිලධාරීන් 150 කගේ පමණ වැඩ තහනම් කර තිබේ.

මේ අතර ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසාදිතයෙකු වාර්තා නොවේ.

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 1,923 ක් හමුවී ඇඇති අතර කොවිඩ් මරණ 25 ක් ද සිදුවී තිබේ.

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පැතිරීම ආරම්භයේ පටන් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වූ ඉහළම කොවිඩ් මරණ සංඛ්‍යාව ලෙස එය සටහන් වේ.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 293 ක් හමුවී තිබෙන අතර කොවිඩ් මරණ 2 ක්ද වාර්තා වේ.

මෙවර ෆෙඩරල් අයවැයෙන් සංක්‍රමණිකයන්ට සහන රැසක්

සංක්‍රමණික සහ සරණාගත ජනාවාස සේවා සඳහා ප්‍රතිසංස්කරණ වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම මුල්‍ය වර්ෂයේ සිට වසර පහක් තුළ රජය ඩොලර් මිලියන 120.9ක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

සිඩ්නිහි ප්‍රසිද්ධ නීතිඥවරයෙක් පොලිස් අත්අඩංගුවට

ලිංගික අපයෝජනයට ලක්වූ අයෙකුගේ විස්තර ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් සිඩ්නිහි අපරාධ නඩු සම්බන්ධයෙන් පෙනී සිටින නීතිඥයෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

සුනඛ සුරතලුන්ගේ හිමිකරුවන්ට නීති දැඩි වෙයි

සුනඛයන් සහ බළලුන් කළමනාකරණ පනතේ නව ප්‍රතිසංස්කරණ යටතේ දකුණු ඔස්ට්‍රේලියාවේ සුනඛ සපා කෑම් සහ ප්‍රහාර සඳහා වන දඩුවම් දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »