පිළිකාවෙන් පීඩා විඳි දරුවාගේ සිහිනය සැබෑ වෙයි

මාරාන්තික පිළිකාවකින් පීඩා විඳින ඇඩිලේඩ්හි කුඩා දරුවෙකු පොලිස් නිලධාරියෙකු වීමේ සිහිනය සැබෑ කරගෙන තිබෙනවා.

ආක්‍රමණශීලී මාරාන්තික පිළිකාවක් සමඟ පොරබදමින් සිටින අට හැවිරිදි මෙම දරුවා ඊයේ දකුණු ඔස්ට්‍රේලියාවේ පොලිස් නිලධාරියෙකු ලෙස වැඩ කිරීමට පැවති ඔහුගේ සිහිනය සැබෑ කර ගත් බවයි වාර්තා වන්නේ.

ඇන්ඩෲස් ෆාම් හි පදිංචි සෑම් ස්කලී නම් මම පිරිමි ළමයාගේ මොළයේ ගෙඩියක් ඇති බව 2022 ජනවාරි මාසයේදී හඳුනා ගත් අතර වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ එතැන් සිට ඔහුට ජීවත් වීමට හැකියාව ඇත්තේ මාස 18ක් පමණක් බවයි.

ඒ අනුවයි පොලිස් නිලධාරියෙකු වීමට එම දරුවාට තිබූ කැමැත්ත ඉටුකර දීමට පවුලේ සාමාජිකයන් දකුණු ඔස්ට්‍රේලියා පොලිසිය සමග එක්ව කටයුතු කර ඇත්තේ.

සාජන් ස්කලී ලෙසින් නම් කළ කුඩා දරුවා ඉහළ පොලිස් නිලධාරියෙකු වන ග්‍රාන්ට් ස්ටීවන්ස් සමඟ විශේෂ දිනය ආරම්භ කළ අතර එම අවස්ථාවට ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ පන්තියේ මිතුරන් ද එක්ව සිටියා.

ප්‍රීති ඝෝෂා නගන පන්තියේ මිතුරන් මධ්‍යයේ ඇංගල් වේල් ප්‍රාථමික පාසලෙන් සාජන් ස්කලී පොලිස් හෙලිකොප්ටරයට නංවාගෙන ඇඩිලේඩ් ඕවල් වෙත පැමිණ ගොඩ බස්වා තිබුණා.

අනතුරුව කුඩා දරුවා පොලිස් නිල සුනඛයන් ද සමග රාජකාරී කටයුතු කිහිපයක ද යොමු කළ බවයි වාර්තා වූයේ.

සෑම්ගේ මව වන ඇලිසන් හැරිසන් පැවසුවේ තම පුතා ගැන අතිශයින් ආඩම්බර වන අතර මෙම දිනය උදා කර දුන් සැමට ස්තූතිවන්ත වන බවයි.

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »