Search

ෆෙඩරල් අයවැයෙන් සංක්‍රමණ නීති වෙනස් වෙයි

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නීති අධියර කිහිපයක් යටතේ වෙනස් කිරීමට මෙවර අයවැයේදී යෝජනා වී තිබෙනවා.

ඒ අනුව මෙම මූල්‍ය වර්ෂය සඳහා ස්ථිර සංක්‍රමණ වැඩසටහනක් හඳුන්වා දීමට නියමිත අතර එම වැඩසටහන වසර 1 සිට 4 දක්වා දීර්ඝ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙය සංක්‍රමණ උපාය මාර්ගික කොටසක් වන අතර සංක්‍රමණික පද්ධතියට මනා කළමණාකාරීත්වයක් ලබා දීම මෙහි අරමුණයි.

ඒ සඳහා ඩොලර් මිලියන 18.3ක ප්‍රතිපාදන වෙන් කෙරෙනු ඇති.

සංක්‍රමණික සේවකයින් නිවැරදිව මෙරටට ගෙන්වා ගැනීම, ඔවුන්ගේ වෘත්තිය සහ අධ්‍යාපනික සුදුසුකම් පමණක් නොව මෙරට සේවා ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබෙනවා.

තවද ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව හා එක්ව සංක්‍රමණික සේවකයින්ගේ ශ්‍රම සූරාකෑම පාලනය සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ද ප්‍රතිසංස්කරණය කිරීමට ද නියමිතයි.

ෆෙඩරල් රජයේ මෙවර අයවැය ප්‍රකාශණය මගින් විදෙස් සංක්‍රමණය ද අඩු කිරීමේ උත්සහයක් පිළිබඳව ද වාර්තා වනවා.

පසුගිය වසරේ ශුද්ධ විදේශ සංක්‍රමණය 528,000ක් වූ අතර මේ වසරේ එය 395,000 ක් වනු ඇති බවටයි අයවැය මගින් අපේක්ෂා කර ඇත්තේ.

ඉදිරි වසරවලදී 255,000 සහ 235,000 දක්වා පහත වැටීමට සැලසුම් කර ඇති විදෙස් සංක්‍රමණ ලබන වසරේ 260,000 දක්වා පහත වැටෙනු ඇතැයි රජය පුරෝකථනය කර තිබෙනවා.