සුනඛ සුරතලුන්ගේ හිමිකරුවන්ට නීති දැඩි වෙයි

සුනඛයන් සහ බළලුන් කළමනාකරණ පනතේ නව ප්‍රතිසංස්කරණ යටතේ දකුණු ඔස්ට්‍රේලියාවේ සුනඛ සපා කෑම් සහ ප්‍රහාර සඳහා වන දඩුවම් දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

යෝජිත ප්‍රතිසංස්කරණ මඟින් බලු පැටවුන් අභිජනනය කරන්නන් සම්බන්ධයෙන් බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දී රෙගුලාසි දැඩි කිරීමට ද පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම නීති පිළිබඳ මහජන අදහස් විමසීම ලබන ජුනි මස 9 වැනිදාන් අවසන් වීමට නියමිතයි.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය විසින් යෝජනා කර ඇති නව නීති යටතේ සපා කෑම්වලට සම්බන්ධ සුනඛයන්ගේ අයිතිකරුවන්ට දැඩි දඬුවම්වලට මුහුණ දීමට සිදුවනු ඇති අතර සුනඛ පැටවුන් ඇති කරන්නන් සඳහා වන සීමාවන් දැඩි කෙරෙනු ඇති.

යෝජිත ප්‍රතිසංස්කරණ යටතේ බල්ලෙකු බරපතල තුවාල හෝ මරණයක් සිදු කරමින් පුද්ගලයෙකුට හෝ සතෙකුට පහර දෙන්නේ නම්, හිමිකරුට දැනට පවතින ඩොලර් 2,500ක දඩය වෙනුවට ඩොලර් 25,000ක උපරිම දඩයකට මුහුණ දීමට සිදු වනවා.

පහර දෙන සුනඛයා දැනටමත් එවැනි වරදකට නියෝගයකට යටත් වී ඇති සත්වයෙක් නම් හිමිකරුට පැනවෙන දඩය ඩොලර් 50,000 දක්වා වැඩි වන බව සඳහන්.

පුද්ගලයෙකුට හෝ සතෙකුට පහර දීමට මෙන්ම හිරිහැර කිරීමට තම සුරතලා හිතාමතාම දිරිමත් කරන සුනඛ හිමිකරුවෙකුට ඩොලර් 100,000 දක්වා දඩයක් හෝ වසර හතරක සිර දඬුවමක් නව නීති අනුව පැනවිය හැකියි.

දකුණු ඔස්ට්‍රේලියාවේ සුනඛ සහ බළලුන් කළමනාකරණ මණ්ඩලයේ සභාපති ඩේවිඩ් පාකින් පැවසුවේ ප්‍රාන්තයේ ඉහළ යමින් පවතින සුනඛ ප්‍රහාර අඩු කිරීමට නව ප්‍රතිසංස්කරණ උපකාරී වනු ඇති බවයි.

සතුන්ගේ හිමිකරුවන් ඔවුන්ගේ වගකීම් පිළිබඳව හොඳින් දැන සිටීම ඉතා වැදගත් වන අතර සුනඛයන් ළඟ තබා ගැනීමේදී විශාල වගකීමක් පැවරෙන බවයි ඔහු පෙන්වා දුන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »

රෝගයක් පැතිර යාම ඉහළ යාම නිසා ජනතාවට අනතුරු ඇඟවීමක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගතවූ සතියක කාලයක් තුළ පුද්ගලයින් 2000 කට වැඩි පිරිසකට උණ රෝගය වැළඳී ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

තවමත් 3G භාවිතා කරන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ 3G සන්නිවේදන ජාලය ක්‍රියාකාරීත්වයේ පවතින අවසන් මාස කිහිපය ගතවෙමින් තිබුණ ද මිලියන භාගයක පමණ පිරිසක් තවමත් 4G ජාලයට යාමට සූදානමක් නොමැති බවට අනාවරණ වී තිබෙනවා.

Read More »