Search

මෙවර ෆෙඩරල් අයවැයෙන් සංක්‍රමණිකයන්ට සහන රැසක්

සංක්‍රමණික සහ සරණාගත ජනාවාස සේවා සඳහා ප්‍රතිසංස්කරණ වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම මුල්‍ය වර්ෂයේ සිට වසර පහක් තුළ රජය ඩොලර් මිලියන 120.9ක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

සරණාගතයින් සහ සංක්‍රමණිකයන් සඳහා ජනාවාසවල තිරසාරභාවය සහ වඩා හොඳ ආර්ථික මෙන්ම සමාජීය ප්‍රවර්ධනය අරමුණු කර ගනිමිනුයි මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ.

මේ අනුව සරණාගතයින් සහ සංක්‍රමණිකයන් සඳහා ජනාවාස සේවා සැපයීමට සහාය වීමේ වැඩසටහන වන මානුෂීය ජනාවාස සඳහා වසර පහක් පුරා ඩොලර් මිලියන 86.6ක් ලබා දෙනු ඇති.

මෙම මුල්‍ය වර්ෂයේ සිට වසර තුනක් පුරා සරණාගතයින්ට සහ සංක්‍රමණික තරුණයින්ට රටට ප්‍රවේශ වීමට උපකාර කිරීම සඳහා තරුණ සංක්‍රාන්ති ආධාරක සේවා අධ්‍යාපනය, රැකියා සහ රාජ්‍ය සේවා, සරණාගතයින් සඳහා විශේෂිත සහාය
සහ ගෘහස්ත හිංසනයට ලක්වන සංක්‍රමණික කාන්තාවන්ට සහාය වීම ඇතුලු බේරුම්කරණ වැඩසටහන වෙනුවෙන් ඩොලර් මිලියන 27ක් යෝජනා කර තිබෙනවා.

එමෙන්ම ප්‍රජා මධ්‍යස්ථානවල සංවාදාත්මක ඉංග්‍රීසි පන්ති අඛණ්ඩව පවත්වාගෙන යාමට මෙම මුල්‍ය වර්ෂයේ සිට වසර හතරක් පුරා ඩොලර් මිලියන 3.8ක් ලබාදීමටයි අයවැය මගින් යෝජනා කර ඇත්තේ.

යුක්රේන සංක්‍රමණිකයන් වෙනුවෙන් Medicare ප්‍රවේශය ලබාදීම සඳහා වසර පහක් පුරා ඩොලර් මිලියන 1.9ක මුදලක් ලබාදීමට ද ෆෙඩරල් අයවැය මගින් යෝජනා කර තිබෙනවා.

ප්‍රජා ස්වේච්ඡා සේවකයන් විසින් සපයනු ලබන ජනාවාස සේවා තවදුරටත් කරගෙන යාම සඳහා ප්‍රජා සරණාගත ඒකාබද්ධතාවය සහ පදිංචි කිරීමේ නියමු වැඩසටහන වෙනුවෙන් ඩොලර් මිලියන 1ක් ද ලබාදීමටයි තීරණය කෙරුණා.

ඊට අමතරව මානුෂීය ජනාවාස වැඩසටහන් කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට වසර හතරක් පුරා ඩොලර් මිලියන 0.6ක් ලබාදීමට ද යෝජනා කර තිබෙනවා.

හමාස්-ඊශ්‍රායල් ගැටුමෙන් පීඩාවට පත් වූ පුද්ගලයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ආධාර කිරීම සඳහා ඔස්ට්‍රේලියා රජය වසර දෙකක් තුළ ඩොලර් මිලියන 2.9ක් ලබා දෙනු ඇති බව ද අයවැය මගින් ප්‍රකාශයට පත් කළා.

ඒ යටතේ මෑත කාලීනව පැමිණි සහ මූල්‍ය දුෂ්කරතා ඇති බවට තක්සේරු කර ඇති අයට හදිසි මූල්‍ය ආධාර සැපයීමට ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානයට වසර දෙකක් පුරාවට ඩොලර් මිලියන 2.0ක් ලබාදෙනු ඇති.

ඊශ්‍රායලයේ සහ පලස්තීන ප්‍රදේශවලින් පැමිණෙන Bridging Visa E දරන්නන් සඳහා Medicare සුදුසුකම් 2025 ජුනි 30 දක්වා දීර්ඝ කිරීමට අනෙක් ඩොලර් මිලියන 0.9 ලබාදීමට නියමිතයි.

වත්මන් ගෝලීය කුසලතා වීසා බලපත්‍රය සංශෝදනය කරමින්, ජාතික වැදගත්කමක් ඇති ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට හේතුවන සුවිශේෂී දක්ෂතා ඇති සංක්‍රමණිකයන් ඉලක්ක කර ගැනීම සඳහා මෙම වසර අවසානයේ සිට වත්මන් ගෝලීය කුසලතා වීසා (subclass 858) වෙනුවට නව ජාතික නවෝත්පාදන වීසා බලපත්‍රයක් රජය විසින් ක්‍රියාත්මක කරනු ඇති.

ව්‍යාපාර නවෝත්පාදන සහ ආයෝජන වීසා වැඩසටහන (BIIP) නතර කෙරෙන අතර ඒ සඳහා වූ අයදුම්පත ඉල්ලා අස්කර ගැනීමට කැමති අය සඳහා ලබන සැප්තැම්බර් මාසයේ සිට වීසා අයදුම්පත් ගාස්තුව ආපසු ගෙවනු ලබන බව ද අයවැය මගින් ප්‍රකාශ කෙරුණා.

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නීති අධියර කිහිපයක් යටතේ වෙනස් කිරීමට මෙවර අයවැයේදී යෝජනා වී තිබෙනවා.

ඒ අනුව මෙම මූල්‍ය වර්ෂය සඳහා ස්ථිර සංක්‍රමණ වැඩසටහනක් හඳුන්වා දීමට නියමිත අතර එම වැඩසටහන වසර 1 සිට 4 දක්වා දීර්ඝ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙය සංක්‍රමණ උපාය මාර්ගික කොටසක් වන අතර සංක්‍රමණික පද්ධතියට මනා කළමණාකාරීත්වයක් ලබා දීම මෙහි අරමුණයි.

ඒ සඳහා ඩොලර් මිලියන 18.3ක ප්‍රතිපාදන වෙන් කෙරෙනු ඇති.

සංක්‍රමණික සේවකයින් නිවැරදිව මෙරටට ගෙන්වා ගැනීම, ඔවුන්ගේ වෘත්තිය සහ අධ්‍යාපනික සුදුසුකම් පමණක් නොව මෙරට සේවා ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබෙනවා.

තවද ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව හා එක්ව සංක්‍රමණික සේවකයින්ගේ ශ්‍රම සූරාකෑම පාලනය සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ද ප්‍රතිසංස්කරණය කිරීමට ද නියමිතයි.

ෆෙඩරල් රජයේ මෙවර අයවැය ප්‍රකාශණය මගින් විදෙස් සංක්‍රමණය ද අඩු කිරීමේ උත්සහයක් පිළිබඳව ද වාර්තා වනවා.

පසුගිය වසරේ ශුද්ධ විදේශ සංක්‍රමණය 528,000ක් වූ අතර මේ වසරේ එය 395,000 ක් වනු ඇති බවටයි අයවැය මගින් අපේක්ෂා කර ඇත්තේ.

ලබන ජූලි පළමුවනදා සිට ඉදිරි ඇස්තමේන්තුවලට වඩා විදේශ සංක්‍රමණ 110,000 කින් අඩු කිරීමට රජය ඇස්තමේන්තු කර ඇති අතර 2025 වන විට සංක්‍රමණ 260,000 දක්වා දළ වශයෙන් අඩකින් අඩු වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

වැඩි ආර්ථික සමෘද්ධියක් ඇති කිරීමට සහ එහි අඛණ්ඩතාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය තවදුරටත් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජය වසර හතරක් තුළ ඩොලර් මිලියන 18.3ක් ලබා දීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමේ ගාස්තු ඉහළට

නව විශ්ලේෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන්ට විශේෂඥ වෛද්‍යවරුන් හමුවූවීම සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව අනාවරණය වී තිබෙනවා. ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු විශේෂඥ වෛද්‍යවරුන් හමුවීම

Read More »

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »