සිඩ්නිහි ප්‍රසිද්ධ නීතිඥවරයෙක් පොලිස් අත්අඩංගුවට

ලිංගික අපයෝජනයට ලක්වූ අයෙකුගේ විස්තර ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් සිඩ්නිහි අපරාධ නඩු සම්බන්ධයෙන් පෙනී සිටින නීතිඥයෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

අබ්දුල් සාදික් නම් මෙම නීතිඥවරයට චෝදනා එල්ල වී ඇත්තේ ලිංගික අතවරයකට ලක්වූවකු පිළිබඳ සංවේදී තොරතුරු ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙනුයි.

නීතීඥවරයා ලිංගික අතවර සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින 24 හැවිරිදි තරුණයෙකු වෙනුවෙන් පෙනී සිට ඇති අතර පැමිණිලිකාරිය සම්බන්ධ තොරතුරු ප්‍රසිද්ධ කර ඇතැයි චෝදනා එල්ලවී තිබෙනවා.

ඊයේ සැකකාර නිතිඥවරයා නිව් සවුත්වේල්ස් පොලිස් අපරාධ කණ්ඩායම් සංචිතයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ග්‍රැන්විල් පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇතැයි සඳහන්.

වින්දිතයාගේ අනන්‍යතාවය ඇතුළු මෙම නඩුව පිළිබඳ සංවේදී තොරතුරු තුන්වන පාර්ශවයක් සමඟ හුවමාරු කර ගත් බවටයි චෝදනා එල්ල වන්නේ.

සැකකාර නිතිඥවරයා සිඩ්නි හි නිරිතදිග ප්‍රදේශයේ ඉහළ පෙළේ සංවිධානාත්මක අපරාධ පවුලක සමීපතමයෙකු බවට පොලිසිය අනාවරණ කරගෙන ඇතැයි සඳහන්.

සැකකරු ජූනි 11 අඟහරුවාදා පාර්මට්ටා ප්‍රාදේශීය අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »