අතුරුදන්වූ Cleo Smith දැරිය දුටු බවට දුරකථන ඇමතුම් 200 ක්

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ කඳවුරු භූමියක සිටියදී අතුරුදන්වූ Cleo Smith දැරිය දුටු බවට දුරකථන ඇමතුම් 200 ක් පමණ පොලිසියට ලැබී තිබේ.

එහෙත් එම කිසිවක් සනාථ කල තොරතුරු ලබාදී නොමැති බව බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත පොලිසිය කියා සිටී.

කෙසේවෙතත් දැරිය පිළිබඳ තොරතුරු වෙතොත් අඛණ්ඩව ලබාදෙන්නැයි ඉල්ලීමක් කෙරේ.

දැරිය අතුරුදන්ව ලබන සෙනසුරාදා දිනයට සති 02 ක් සම්පූර්ණ වෙයි.

ඇය පිළිබඳ නිවැරදි තොරතුරකට ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් ලබාදෙන බවටද බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය දැනටමත් ප්‍රකාශයට පත් කර අවසන්.

SOURCE : https://www.9news.com.au/national/cleo-smith-perth-western-australia-news-vigil-to-be-held-for-missing-four-year-old-as-search-continues-at-blowholes-campsite/76ec4b4c-7fec-4e5d-9909-48ea1f5e17da

නිවාස සොයන අයට සහනයක් ගෙන එමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට නව නීති මාලාවක්

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් පොලී අනුපාත වෙනස්වීම් ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »