සිසුවියන්ට අසභ්‍ය වචන භාවිත කිරීමේ සිදුවීමක් මෙල්බන්හි තවත් පාසලකින් වාර්තා වෙයි

මෙල්බර්න් හි පාසැලක කාන්තා වැසිකිළියක් තුළ සිසුවියන් ඉලක්ක කර ගනිමින් අසභ්‍ය වචන යොදා සටහන් තැබූ සිද්ධියක් යළිත් වාර්තා වනවා.

දින 7ක් තුළ මෙවැනි සිදුවීම් 3ක් මේ වන විට මෙල්බන් අවට පාසැල්වලින් වාර්තාවීම බරපතල තත්වයක් බවටයි අනාවරණ වී ඇත්තේ.

බ්‍රෙන්ට්වුඩ් ද්විතියික පාසලේ කාන්තා වැසිකිළියක් තුළ මෙලෙස අසභ්‍ය වචන යොදා සිසුවියන් ආමන්ත්‍රණය කර ඇති බව වික්ටෝරියා පොලිසිය ප්‍රකාශ කළා.

මෙම සිදුවිමේ විශේෂත්වය වන්නේ අදාළ නම් ලැයිස්තුව මාධ්‍ය මගින් අනාවරණ කරන තෙක් පාසලේ විදුහල්පතිවරයා ඒ පිළිබඳ දැනුවත්ව නොසිටීමයි.

නිවේදනයක් නිකුත් කරමින් එම විදුහලේ විදුහල්පති ජෝන් බැලාග් පැවසුවේ මෙවැනි හැසිරීමක නිරත වන ඕනෑම අයෙකු සම්බන්ධයෙන් වහාම විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

සිද්ධියට අදාළව වික්ටෝරියා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර පරිගණකයක තිබී සොයාගත් අසභ්‍ය නාම ඇතුලත් ලැයිස්තුව 10 වසරේ පිරිමි ළමයෙකු විසින් ලියා ඇති බවට විශ්වාස කෙරෙනවා.

පසුගියදා යාරා වැලි හි පාසලක පිරිමි ළමයින් දෙදෙනෙකු තම පන්තියේ ගැහැනු ළමයින් ඉලක්ක කර මෙවැනි අසභ්‍ය වචන පතුරුවා හැරීම හේතුවෙන් පාසලෙන් නෙරපා දමා තිබුණා.

එමෙන්ම පසුගිය අඟහරුවාදා ෆ්‍රෑන්ක්ස්ටන්හි මැක්ලෙලන්ඩ් ද්විතීයික විද්‍යාලයේ ද මෙවැනි ලැයිස්තුවක් බෙදා හැරීමේ සිද්ධියක් පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පරිගණකයක තිබී සොයාගත් එම ලැයිස්තුව 9 වසරේ පිරිමි ළමයෙකු විසින් ලියා ඇති බවටයි සැක කෙරුණේ.

මෙවැනි සිදුවීම් සමග පාසැල් පද්ධතිය තුළ සිසුවියන්ට සිදුවන කායික හෝ මානසික පීඩා අවම කිරීමට ප්‍රාන්ත රජයන්ගේ අවධානය ද යොමුවී තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ වායු සමීකරණ භාවිත කිරීමේදී තියෙන නීති මෙන්න

ඔස්ලියාවේ වායු සමීකරණ භාවිතය සම්බන්ධයෙන් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට පවතීන නීති සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව ගැන අලුත්ම අනාවරණයක්

මෙම වසරේ මාර්තු මාසය වන විට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරීමට පැමිණි ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 741,224 බව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තා මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු දෙමාපියන්ගේ වැරදි වැඩක් ගැන සමීක්ෂණයක් තොරතුරු හෙළි කරයි

වෙනත් ඉහළ ආදායම් ලබන රටවල දෙමාපියන්ට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු දෙමාපියන් තම දරුවන්ට පහර දීම වැඩි බව නව අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මදුරුවන්ගෙන් බෝවන රෝගයකට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් නව එන්නතක් සොයයි

මදුරුවන්ගෙන් බෝවන ජැපනීස් එන්සපලයිටීස් (Japanese encephalitis) වෛරසයට ප්‍රතික්‍රියා කිරීම සඳහා නව එන්නතක් අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් පවසනවා.

Read More »

හිටපු ක්‍රිකට් ප්‍රවීණයාගේ නමට වෙන් වූ ක්‍රීඩාංගණයේ නම වෙනස් වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර්ගේ නමින් නම් කර ඇති Michael Slater Oval ක්‍රීඩාංගනයෙන් එම නම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »