මුදල් නොමැති නිසා ඔස්ට්‍රේලියා තරුණ ප්‍රජාව කරන වැඩක් සමීක්ෂණයකින් හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ තරුණ පරම්පරාවේ සියයට 40ක් පමණ තවමත් දෙමාපියන් සමඟ ජීවත් වන බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

නව දත්තවලට අනුව ඔස්ට්‍රේලියානුවන් තම දෙමාපියන් සමඟ වැඩි කාලයක් ජීවත් වන අතර ඉන් කොටසක් වයස අවුරුදු 34 වන තෙක් තනිව වාසයට නොයන බවයි සමීක්ෂණයෙන් පෙන්නුම් කර ඇත්තේ.

වෙළඳපල පර්යේෂණ සමාගමක් වන ඉන්සයිට්ස් එක්ස්චේන්ජ් (Insights Exchange) විසින් ඕස්ට්‍රේලියානුවන් 2000ක් යොදාගෙන කරන ලද සමීක්ෂණයකට අනුව හෙළිවී ඇත්තේ වයස අවුරුදු 18 සිට 24 දක්වා තරුණ පරම්පරාවේ සියයට 39ක් පමණ සැලකිය යුතු පිරිසක් තවමත් තම පවුලේ නිවසේ ජීවත් වන බවයි.

මේ අතර, වයස අවුරුදු 25 ත් 34 ත් අතර අයගෙන් සියයට 15ක් තවමත් දෙමව්පියන් සමඟ ජීවත් වන අතර එය පසුගිය වසරේ දත්තවලට වඩා සියයට 10ක වැඩිවීමක් බව සඳහන්.

විශේෂඥයන් පැවසුවේ මෙම තරුණයන්ට සුවපහසු ලෙස නිවාස ලබාගෙන කුලී ගෙවීමට නොහැකි වීම දෙමාපියන් සමඟ වැඩි කාලයක් ජීවත් වීමට හේතු වී ඇති බවයි.

නිවසක් කුලියට ගැනීමට හෝ නිවාස තැන්පතුවක් සඳහා ඉතිරි කිරීම පවතින ජීවන වියදම් අර්බුධය හමුවේ ළඟා විය නොහැකි අභියෝගයක් වෙමින් පවතින බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.

ධාවනයට සූදානම් වූ ගුවන් යානය මිනිස් ජීවිතයක් බිලි ගනී

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම්හි Schiphol ගුවන් තොටුපලේදී ගුවන් ගමනක් සඳහා සුදානම් වෙමින් තිබූ යානයක එන්ජිමකට හසුවීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

ඕස්ට්‍රේලියාවේ වායු සමීකරණ භාවිත කිරීමේදී තියෙන නීති මෙන්න

ඔස්ලියාවේ වායු සමීකරණ භාවිතය සම්බන්ධයෙන් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට පවතීන නීති සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව ගැන අලුත්ම අනාවරණයක්

මෙම වසරේ මාර්තු මාසය වන විට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරීමට පැමිණි ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 741,224 බව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තා මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු දෙමාපියන්ගේ වැරදි වැඩක් ගැන සමීක්ෂණයක් තොරතුරු හෙළි කරයි

වෙනත් ඉහළ ආදායම් ලබන රටවල දෙමාපියන්ට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු දෙමාපියන් තම දරුවන්ට පහර දීම වැඩි බව නව අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මදුරුවන්ගෙන් බෝවන රෝගයකට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් නව එන්නතක් සොයයි

මදුරුවන්ගෙන් බෝවන ජැපනීස් එන්සපලයිටීස් (Japanese encephalitis) වෛරසයට ප්‍රතික්‍රියා කිරීම සඳහා නව එන්නතක් අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් පවසනවා.

Read More »

හිටපු ක්‍රිකට් ප්‍රවීණයාගේ නමට වෙන් වූ ක්‍රීඩාංගණයේ නම වෙනස් වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර්ගේ නමින් නම් කර ඇති Michael Slater Oval ක්‍රීඩාංගනයෙන් එම නම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »