Search

මෙල්බර්න් දුම්රිය ව්‍යාපෘතියේ අනාගතය ගැන සැකයක්

මෙවර ෆෙඩරල් අයවැයෙන් මුදල් වෙන් නොකිරීම හමුවේ මෙල්බර්න් දුම්රිය ව්‍යාපෘතියේ අනාගතය ගැන යළි සැකයක් මතු වී තිබෙනවා.

මෙල්බන් නගරයේ වඩාත්ම මිල අධික ව්‍යාපෘතිය සඳහා ෆෙඩරල් අයවැය මගින් අමතර අරමුදල් වෙන් නොකිරීම හමුවේ මෙම ගැටලුකාරී තත්වය මතුවී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පසුගියදා සිදු කළ ප්‍රශ්න කිරීමකදී ඔහු සඳහන් කළේ අරමුදල් පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා අයවැය බැලීමට සිදුවන බවයි.

එහෙත් දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කර මාස කිහිපයක් ගතවී ඇති අතර ඊට අදාළ නව ගිවිසුම් අත්සන් කිරීමට නියමිතව තිබියදීත් අයවැයෙන් සහයෝගයක් ලබාදී නොමැති බවටයි චෝදනා එල්ලවන්නේ.

කෙසේ වෙතත් ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් අවධාරණය කර ඇත්තේ මෙල්බන් දුම්රිය ව්‍යාපෘතිය වෙනුවෙන් මූල්‍ය ආධාර ලබා දෙන බවයි.

ෆෙඩරල් රජයට අවශ්‍ය වන්නේ ප්‍රාන්ත රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බව ද ඇය ප්‍රකාශ කර තිබෙනවා.

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »