පිහි අපරාධ වැඩි වූ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පොලිසියට නිලධාරීන් සොයයි

නිව් සවුත්වේල්ස් පොලිසියේ පුරප්පාඩු පිරවීම සඳහා නව බඳවා ගැනීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

නිලධාරීන් 1500ක පුරප්පාඩු පියවීමට වෙනත් ප්‍රාන්තවලින් සහ නවසීලන්තයෙන් බඳවා ගැනීම් සඳහා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම බඳවා ගැනීමේ වැඩසටහනට ගොල්බර්න් (Goulburn) පොලිස් ඇකඩමියේ මාස අටක පාඨමාලාව මාස තුනක් දක්වා කප්පාදු කිරීම ඇතුළු වෙනස්කම් කිහිපයක් ද ඇතුලත්.

එමෙන්ම වෙනත් ප්‍රන්තවලව් පළපුරුදු නිලධාරීන්ට දැන් ඔවුන්ගේ නිලය අහිමි නොවී නිව් සවුත්වේල්ස් පොලිස් බලකායට මාරු වීමේ හැකියාව ද පවතිනවා.

පොලිස් කොමසාරිස් කැරන් වෙබ් සඳහන් කළේ නව නිලධාරීන් බඳවා ගැනීම් සඳහා පැවති අවම වයස වූ අවුරුදු 19 අවුරුදු 18 දක්වා අඩු කරන බවයි.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත පොලිසිය මුහුණ දෙන තවත් අභියෝගයක් වන්නේ බඳවා ගන්නා නිලධාරීන් අඛණ්ඩව සේවයේ රඳවා තබා ගැනීමයි. පසුගිය වසර හතර තුළ කොස්තාපල්වරුන් 2500ක් සහ සැරයන්වරුන් 700ක් පමණ සේවයෙන් ඉවත්වී ඇති බවයි වාර්තා වන්නේ.

අගමැති ක්‍රිස් මින්ස් සඳහන් කළේ පොලිස් සේවය පහසු වෘත්තියක් නොවන බවයි.

පසුගිය සමයේ සිඩ්නි ඇතුලු ප්‍රදේශ රැසක පිහි සම්බන්ධ අපරාධ වාර්තා වීමෙන් පසු එවැනි අවදානම් ස්ථානවල පොලිස් ආරක්ෂාව වැඩි කිරීමට නව නිලධාරීන් බඳවා ගැනීම මගින් හැකිවනු ඇතැයි අපේක්ෂිතයි.

ධාවනයට සූදානම් වූ ගුවන් යානය මිනිස් ජීවිතයක් බිලි ගනී

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම්හි Schiphol ගුවන් තොටුපලේදී ගුවන් ගමනක් සඳහා සුදානම් වෙමින් තිබූ යානයක එන්ජිමකට හසුවීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

ඕස්ට්‍රේලියාවේ වායු සමීකරණ භාවිත කිරීමේදී තියෙන නීති මෙන්න

ඔස්ලියාවේ වායු සමීකරණ භාවිතය සම්බන්ධයෙන් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට පවතීන නීති සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව ගැන අලුත්ම අනාවරණයක්

මෙම වසරේ මාර්තු මාසය වන විට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරීමට පැමිණි ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 741,224 බව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තා මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු දෙමාපියන්ගේ වැරදි වැඩක් ගැන සමීක්ෂණයක් තොරතුරු හෙළි කරයි

වෙනත් ඉහළ ආදායම් ලබන රටවල දෙමාපියන්ට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු දෙමාපියන් තම දරුවන්ට පහර දීම වැඩි බව නව අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මදුරුවන්ගෙන් බෝවන රෝගයකට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් නව එන්නතක් සොයයි

මදුරුවන්ගෙන් බෝවන ජැපනීස් එන්සපලයිටීස් (Japanese encephalitis) වෛරසයට ප්‍රතික්‍රියා කිරීම සඳහා නව එන්නතක් අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් පවසනවා.

Read More »

හිටපු ක්‍රිකට් ප්‍රවීණයාගේ නමට වෙන් වූ ක්‍රීඩාංගණයේ නම වෙනස් වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර්ගේ නමින් නම් කර ඇති Michael Slater Oval ක්‍රීඩාංගනයෙන් එම නම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »