Day: October 22, 2021

දෙසැම්බර් 15 දා සිට තස්මේනියා ප්‍රාන්ත සීමා විවෘතයි

ලබන දෙසැම්බර් 15 වනදා සිට සිය ප්‍රාන්ත සීමා විවෘත කරන බව තස්මේනියා ප්‍රාන්ත රජය පවසයි. පූර්ණ එන්නත්කරණයට ලක්වූ ඔස්ටේ්‍රලියානුවන් මෙන්ම විදේශිකයන්ටද මේ අනුව පැමිණිය හැකියි. එදින වනවිට තස්මේනියා හි ජනගහණයෙන් සියයට 90 කට වඩා පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටිනු ඇතැයි විශ්වාස කෙරේ. සෘණාත්මක පී සී ආර් වාර්තාවක් සමග එන ඕනෑම අයෙකු නිරෝධායනයෙන් නිදඑස් කෙරෙනු ඇති. තස්මේනියා හි මුව ආවරණ රෙගුලාසිද අද පස්වරු 06 සිට ලිහිල් කරන ලදී. source : https://www.9news.com.au/national/coronavirus-tasmania-updates-borders-to-reopen-on-december-15/0fb1bba5-7bdb-4605-8006-2d5ff75b78c6

Read More »

ක්වීන්ස්ලන්ත පාසල් 100 කට අධික සංඛ්‍යාවක Super Saturday එන්නත් වැඩසටහන හෙට

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ හෙට දිනයේ පාසල් 100 කට අධික සංඛ්‍යාවක් සහභාගී වන Super Saturday එන්නත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වේ. ගතවූ පැය 24 තුළ කිසිදු කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වී නොමැති නමුත් Logan ප්‍රදේශයේ අඩු කොවිඩ් එන්නත්කරණ අනුපාතය පිළිබඳ වැඩි අවධානයක් යොමුවී තිබේ. ලබන සතියේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරන බව Qantas සමාගම නිවේදනය කළ නිසා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය යළි විවෘත කිරීමේ මාර්ගයේ ක්‍රමිකව ගමන් කරමින් පවතින බව ප්‍රාන්ත අගමැති  Dominic Perrottet පැවසුවේය. ගතවූ පැය 24

Read More »

සිංගප්පූරු – ඔස්ටේ්‍රලියා සංචාරක බුබුළක් – තොරතුරු ලබන සතියේ

සිංගප්පූරුව සමග සංචාරක බුබුළක් ඇති කරගැනීමට ඔස්ටේ්‍රලියාව තීරණය කර තිබෙනවා. ඊට අදාළ තොරතුරු ලබන සතියේදී ප්‍රකාශයට පත් කරන බවයි අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සඳහන් කලේ. මේ අනුව ඔස්ටේ්‍රලියාවට පැමිණීමට අවසර හිමිවන දෙවන පුරවැසියන් බවට සිංගප්පූරු ජාතිකයන් පත්වනු ඇති. දැනට නවසීලන්ත ජාතිකයන්ට පමණක් ඔස්ටේ්‍රලියාවට නිදහසේ පැමිණිමට අවසර පවතිනවා. ලබන මාසයේදී දේශ සීමා විවෘත කිරීමේ ඔස්ටේ්‍රලියා රජයේ සැළසුමේ එක් අධියරක් ලෙසයි සිංගප්පූරුව සමග මෙම සංචාරක බුබුළ ඇති කර ගැනෙන්නේ. මේ යටතේ ශිෂ්‍ය සහ රැකියා වීසා සහිත සිංගප්පූරු ජාතිකයන්ටද

Read More »

ලොව විශාලම කෙටි චිත්‍රපට තරගාවලියට ඔස්ටේ්‍රලියාවේ සිටින ශ්‍රී ලාංකිකයෙකුත්

ලොව පැවැත්වෙන විශාලම කෙටි චිත්‍රපට තරගාවලියක් වන My RØDE Reel 2021 සඳහා දැනට ඔස්ටේ්‍රලියාවේ පදිංචිවී සිටින ශ්‍රී ලාංකිකයෙකුත් ඉදිරිපත්වී සිටින බව අපට වාර්තා වුණා. ඔහු නමින් විනෝද් පෙරේරා… මේ අප ඔහු සමග සිදුකල සංවාදයයි… විනෝද් අපිට මුලින්ම ඔබ ගැන පැහැදිලි කිරීමක් කරන්න මම ඔස්ටේ්‍රලියාවට ඇවිල්ලා දැනට අවුරුදු 10 ක් පමණ වෙනවා. Bachelor of Film, Television and Animation උපාධිය සම්පූර්ණ කලා මේ වසරේ මුල. වසර 04 ක සිට එම අධ්‍යාපනය හැදෑරුවා. චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු ලෙසයි මාව හඳුන්වාදෙන්න

Read More »

ලබන 01 දා සිට වික්ටෝරියාහි නිවාස – හෝටල් නිරෝධායනය ඉවතට / ඉදිරියේදී තවත් නීති ලිහිල් කෙරේ

ලබන පළමුවනදා සිට විදේශයන්හි සිට වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ට නිවාස හෝ හෝටල් නිරෝධායන රෙගුලාසි බල නොපැවැත්වෙන බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෘෘස් නිල වශයෙන් නිවේදනය කරයි. ප්‍රාන්තයේ අවුරුදු 16 ට වැඩි සියයට 71.1 ක් මේ වනවිට මාත්‍රා 02 ම ගෙන ඇති අතර සියයට 90.5 ක් අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන අවසන්වීම හමුවේ මෙම තීරණය ගත් බවයි ඔහු කියාසිටියේ. කෙසේවෙතත් මෙලෙස පැමිණෙන පුද්ගලයන් පැය 24 ක් තුළ ලබාගත් සෘණාත්මක පී සී ආර් වාර්තාවක්

Read More »