ලොව විශාලම කෙටි චිත්‍රපට තරගාවලියට ඔස්ටේ්‍රලියාවේ සිටින ශ්‍රී ලාංකිකයෙකුත්

ලොව පැවැත්වෙන විශාලම කෙටි චිත්‍රපට තරගාවලියක් වන My RØDE Reel 2021 සඳහා දැනට ඔස්ටේ්‍රලියාවේ පදිංචිවී සිටින ශ්‍රී ලාංකිකයෙකුත් ඉදිරිපත්වී සිටින බව අපට වාර්තා වුණා.

ඔහු නමින් විනෝද් පෙරේරා…

මේ අප ඔහු සමග සිදුකල සංවාදයයි…

විනෝද් අපිට මුලින්ම ඔබ ගැන පැහැදිලි කිරීමක් කරන්න

මම ඔස්ටේ්‍රලියාවට ඇවිල්ලා දැනට අවුරුදු 10 ක් පමණ වෙනවා. Bachelor of Film, Television and Animation උපාධිය සම්පූර්ණ කලා මේ වසරේ මුල. වසර 04 ක සිට එම අධ්‍යාපනය හැදෑරුවා. චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු ලෙසයි මාව හඳුන්වාදෙන්න සුදුසු. හරියටම කියනවා නම් Graduated Film Director. ඊට අමතරව DOP (Director of Photography) and Editor. මට ඇති සුදුසුකම් ගැන පැහැදිලි කලොත් Diploma of Screen and Media, Certificate IV in Screen and Media යන සුදුසුකම් මා විසින් දැනට ලබාගෙන තිබෙනවා.

මොකක්ද මේ තරගය ??

ලෝකයේ දැනට තියෙන විශාලම කෙටි චිත්‍රපට තරග අතුරින් එකක් තමයි My RØDE Reel 2021 කියන්නේ. මේකට ලෝකය පුරාම ඉන්න නිර්මාණකරුවන් තමන්ගේ කෙටි චිත්‍රපට ඉදිරිපත් කරනවා. ජයග්‍රාහකයන්ට අතිවිශාල මුදලක් දීමත් විශේෂත්වයක්.

කොහොමද මේ නිර්මාණය එළි දැක්වුණේ ??

ඇත්තටම කියනවා නම් මෙල්බර්න් නගරයේ පැවති සංචරණ සීමාත් එක්ක තමයි තිර පිටපත ලිව්වේ. මේ කථාවට පාදක වෙන්නෙත් සංචරණ සීමා සම්බන්ධ කරුණුයි. බාධක රැසක් මධ්‍යයේ තමයි නිෂ්පාදනය කරගන්න ලැබුණේ. මතක් කල යුතුයි මිතුරන් කිහිප දෙනෙකුගෙන් විශාල සහයක් ලැබුණා. එක් දිනයක් ඇතුළත රූගත කිරීම් අවසන් කරගන්න ලැබුණා. දින 02 ක් ඇතුළත සංස්කරණය අවසන් කලා. ඊට පස්සේ අවසාන දිනයට පෙර දිනයේ භාරදුන්නා. ලොකුම අභියෝගය වුණේ මගේ තිර පිටපත විනාඩි 06 කට වගේ ලියවුණේ. හැබැයි කෙටි චිත්‍රපටයේ උපරිම කාලය විනාඩි 03 යි. ඉතින් විනාඩි 03 කට නිර්මාණයේ කාලය අඩුකරන එක ලොකු අභියෝගයක් වුණා. හැබැයි ගුණාත්මකභාවය එලෙසින්ම ආරක්ෂා කරගත්තා.

Vote කරන්න පුලුවන් කොහොමද ???

https://eblast.rode.com/t/n/r-l-e1dbcd57316611ec922cff29c92b924b-l-y-r-l/ කියන ලින්ක් එකට ගිහින් මට වෝට් කරන්න පුලුවන්. ලෝකය පුරාම පිරිසක් ඉදිරිපත් වෙන නිසා ඉහළම තරගකාරීත්වයක් තියෙනවා. ඉතින් මම ආරාධනා කරනවා ලෝකය පුරාම ඉන්න ශ්‍රී ලාංකිකයන්ට මා වෙනුවෙන් ඡන්දය ලබාදෙන්න කියලා.

චිත්‍රපට කර්මාන්තයට එන්න ඉන්න කෙනෙකුට ඔබ ලබාදෙන පණිවිඩය කුමක්ද ???

නියමිත අධ්‍යාපනයක් හැදෑරීමක් කරන්න. මට පුංචි කාලේ ඉඳලාම ලොකු ආශාවක් තිබුණා මේ ක්ෂේත්‍රය ගැන. ඒ විධිහට තමයි මම වැඩිදුර හැදෑරීම් කරලා පියවරෙන් පියවර ඉදිරියට ආවේ. එතනදී දිනපතා ලැබුණු අත්දැකීම් අති විශාලයි.

 

Capture Credits :

Pic 01 – Deakin Univesity

Pic 02 – Sathira Leukebandara

Featured Image – Hirushika Abeygunawardana @ HIRU photography

Today’s Top Stories 2024.04.18

පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක් බාලි වෙත යන සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් පිළිකාවකට ප්‍රතිකාරයක් අත්හදා බැලීම ඔස්ට්‍රේලියාවෙන් ඇරඹෙයි වැටුප් සමග වැඩියෙන් නිවාඩු ගැනීමට හැකි නව යෝජනාවක් ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

Read More »

දේව මෙහෙය අතර පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් පළමු වරට විශේෂ ප්‍රකාශයක්

අන්තර්ජාලය ඔස්සේ විකාශය වෙමින් තිබූ දේව මෙහෙය අතර තමාට පිහියෙන් අනිනු ලැබූ තරුණයාට සමාව දෙන බව මාරි එම්මානුවෙල් රදගුරුතුමා පවසනවා.

Read More »

පිහි ඇනුමෙන් පසු විවෘත වූ Westfield සාප්පු සංකීර්ණයේ වෙළඳසැල් හිමිකරුවන්ට සහනයක්

6 දෙනෙකුට ජීවිත අහිමි කළ පිහි ඇනුමෙන් පසු පළමු වරට සිඩ්නි බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණය අද පෙරවරු 11ට විවෘත කෙරුණා.

Read More »