සිංගප්පූරු – ඔස්ටේ්‍රලියා සංචාරක බුබුළක් – තොරතුරු ලබන සතියේ

සිංගප්පූරුව සමග සංචාරක බුබුළක් ඇති කරගැනීමට ඔස්ටේ්‍රලියාව තීරණය කර තිබෙනවා.

ඊට අදාළ තොරතුරු ලබන සතියේදී ප්‍රකාශයට පත් කරන බවයි අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සඳහන් කලේ.

මේ අනුව ඔස්ටේ්‍රලියාවට පැමිණීමට අවසර හිමිවන දෙවන පුරවැසියන් බවට සිංගප්පූරු ජාතිකයන් පත්වනු ඇති.

දැනට නවසීලන්ත ජාතිකයන්ට පමණක් ඔස්ටේ්‍රලියාවට නිදහසේ පැමිණිමට අවසර පවතිනවා.

ලබන මාසයේදී දේශ සීමා විවෘත කිරීමේ ඔස්ටේ්‍රලියා රජයේ සැළසුමේ එක් අධියරක් ලෙසයි සිංගප්පූරුව සමග මෙම සංචාරක බුබුළ ඇති කර ගැනෙන්නේ.

මේ යටතේ ශිෂ්‍ය සහ රැකියා වීසා සහිත සිංගප්පූරු ජාතිකයන්ටද ඔස්ටේ්‍රලියාවට පැමිණීමට අවස්ථාව උදාවනු ඇති.

අද සිට ඔස්ට්‍රේලියාවේ වීසා ඉල්ලුම් කරන ජාත්‍යන්තර සිසුන්ට අලුත් නීතියක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය අද සිට ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

Today’s Top Stories 2024.05.09

ප්‍රධාන නගර ආශ්‍රිත නිවාස මිල වාර්තාගත ලෙස ඉහළට ලොව අලංකාරම රටවල් 20 අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි භාවිත කළ ඇඳුම් සහ ගෘහ භාණ්ඩ සොයන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව ඉහළට සිඩ්නි ඇතුලු ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වය තවදුරටත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඉවත් කර ගැනීම ඇරඹෙයි

Read More »

ප්‍රධාන ගුවන් සේවයක් ඕස්ට්‍රේලියාවට එන යන ගුවන් ගමන් නවතයි

එයාර් වනුවාටු (Air Vanuatu) ගුවන් සේවය විසින් ඕස්ට්‍රේලියාවට පැමිණෙන සහ ඉන් පිටත් වන ගුවන් ගමන් ඇතුළුව සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා.

Read More »