ප්‍රධාන ගුවන් සේවයක් ඕස්ට්‍රේලියාවට එන යන ගුවන් ගමන් නවතයි

එයාර් වනුවාටු (Air Vanuatu) ගුවන් සේවය විසින් ඕස්ට්‍රේලියාවට පැමිණෙන සහ ඉන් පිටත් වන ගුවන් ගමන් ඇතුළුව සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා.

සිඩ්නි සහ පෝට් විලා අතර ක්‍රියාත්මක වීමට නියමිත ගුවන් ගමන් හයක් අවලංගු කර ඇති අතර බ්‍රිස්බේන් සහ ඉන් පිටත සේවා ද අවලංගු කර ඇති බවයි පැසිෆික් ගුවන් සේවයේ වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ.

සියලු ජාත්‍යන්තර ගුවන් ගමන් අවලංගු කර ඇති බව Air Vanuatu ප්‍රකාශකයෙකු තහවුරු කරන ලද අතර රජය ගුවන් සේවය ස්වේච්ඡා පරිපාලනයක් යටතට පත් කිරීමට සුදානම් වන බවට සඳහන් කර තිබෙනවා.

මෙම ක්‍රමවේදය සම්බන්ධයෙන් පවතින මතබේධාත්මක තත්වය හමුවේ Air Vanuatu විසින් අද සිට 12 වන ඉරිදා දක්වා යලුම ජාත්‍යන්තර ගුවන් ගමන් අවලංගු කර ඇති බවයි ප්‍රකාශ කළේ.

ඉරිදාට පසුව සිදු කෙරෙන සියලුම ගුවන් ගමන් පිළිබඳ දැනට සමාලෝචනය කෙරෙමින් පවතින බව සඳහන්.

මගීන් ඇතුළු බලපෑමට ලක් වූ පාර්ශ්වකරුවන් සඳහා සංචාරක උපදේශන පිටුවක් ද ගුවන් සමාගම විසින් පිහිටුවා ඇති අතර සංචාරක කර්මාන්තයේ පීඩාවට පත් වුවන් වෙනුවෙන් සමාව අයැද සිටින බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »