ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කල නවතම වාර්තා අනුව වයස අවුරුදු 15ට වැඩි ඔස්ට්‍රේලියානුවන් තම ශාරිරික සුවතාව ගැන අවධානයෙන් පසුවන බව සඳහන්.

තවද අවුරුදු 18ත් 64ත් වියෙහි පසුවන රැකියාවල නිරත වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 46.9ක් සඳහන් කර ඇත්තේ වැඩකරන ඉරියව් අතර වාඩිවී සිටීමට සිදුවන බවයි.

වැඩි වේලාවක් එකම ඉරියව්වෙන් වාඩි වී සිටිම සෞඛ්‍යයට අහිතකරවීම හේතුවෙන් ශාරීරික ව්‍යායාම් සඳහා යොමුවන බව ද රැකියාවල නිරත වන්නන් සඳහන් කර තිබුණා.

විශේෂයෙන් වයස අවුරුදු 15ත් 17ත් අතර නව යොවුන් වියෙහි පසුවන ගැහැණු ළමුන්ට සාපේක්ෂව පිරිමි ළමුන් තම ශාරිරික සුවතාව කෙරෙහි අවධානය යොමු කරන බව සඳහන්.

තවද තරුණයින් හය දෙනෙකුගෙන් එක් අයෙක් සෑම දිනකම අවම වශයෙන් මිනිත්තු 60ක මධ්‍යස්ථ හෝ ව්‍යායාම්වල නිරත වන බව එම වාර්තා මගින් පෙන්නුම් කර තිබෙනවා.

පසුගිය වසරට සාපේක්ෂව වසරේ ගෙවුනු කාලසීමාව තුළ ඔස්ට්‍රේලියානුවන් තම ශාරිරික සුවතාව පිළිබඳ අවධානය යොමු කර ඇති බවයි එම වාර්තා මගින් පැහැදිලි වන්නේ.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »