ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

පසුගිය බ්‍රහස්පතින්දා El Reno Crescent හි නවතා තිබූ සැකකටයුතු වාහනයක් පිළිබඳව ලැබුණු තොරතුරක් මතයි පොලිසිය සෝදිසි වරෙන්තුවක් ක්‍රියාත්මක කර තිබුණේ.

එහිදී අලෙවි කිරීමේ අරමුණින් සකස් කළ කොකේන්, ඩොලර් මිලියන 1.1ක මුදල් සහ අයිස් තොගයක් වාහනයේ සඟවා තිබියදී සොයාගෙන තිබෙනවා.

රහස් පරීක්ෂක බ්‍රැඩ්ලි ලෝරන්ස් පැවසුවේ මෙම සොයා ගැනීම ඉතා වැදගත් එකක් වන බවයි.

මෙම මත්ද්‍රව්‍ය අලෙවියට අවස්ථාව ලැබුණේ නම් සමාජයට කෙතරම් හානියක් වනු ඇති ද යන්න සිතාගත නොහැකි බවයි ඔහු අවධාරණය කළේ.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සුදානම් බව ද ඔහු ප්‍රකාශ කළා.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »