ශ්‍රී ලංකාවෙන් පැමිණි ත්‍රස්තවාදීන් 4ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකාවෙන් පැමිණි බවට සැක කෙරෙන ISIS ත්‍රස්තවාදීන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.

ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අහමදාබාද්හි ගුවන් තොටුපලකදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

ඔවුන් සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් බව ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කළා.

ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් සැකකරුවන් ප්‍රශ්න කිරීම සඳහා ගෙන ගොස් ඇති බව සඳහන්.

මෙම ශ්‍රී ලාංකිකයන් අහමදාබාද් ගුවන් තොටුපළේ සිටීමේ හේතුව සහ ඔවුන්ගේ අරමුණ නිශ්චිතව පැහැදිලි නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

මේ වන විට අහමදාබාද් ගුවන් තොටුපල පුරා ආරක්ෂාව තර කර ඇති බව ද සඳහන්.

මේ වන විට පැවැත්වෙන IPL තරගාවලියේ කණ්ඩායම් තුනක් අහමදාබාද් ගුවන් තොටුපළට පැමිණීමට පෙර මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති බව ද වාර්තා වනවා.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »