Search

අප්‍රේල් මාසය වන විට ජනප්‍රියතම සමාජ මාධ්‍ය ගැන නවතම වාර්තා නිකුත් වෙයි

2024 අප්‍රේල් වන විට ලොව පුරා වඩාත්ම ජනප්‍රිය සමාජ ජාල පිළිබඳ නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

ද ස්ටැටිස්ටික් වෙබ් අඩවි දත්තවල මාසික ක්‍රියාකාරී පරිශීලකයින් සංඛ්‍යාව අනුව වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය බවට නම් කර ඇත්තේ ෆේස්බුක් සමාජ ජාලයයි.

ඒ අනුව අප්‍රේල් මාසය වන විට සිටින ෆේස්බුක් පරිශිලකයින් ගණන මිලියන 3065ක් වනවා.

එම ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානය මිලියන 2504ක පරිශීලකයින් ප්‍රමාණයක් සිටින යූ ටියුබ් සමාජ මාධ්‍ය පත්ව තිබීම විශේෂත්වයක්.

ඉන්ස්ටර්ග්‍රෑම් එම ශ්‍රේණිගත කිරීමේ තෙවන ස්ථානයට පත්ව ඇති අතර එහි පරිශීලකයින් මිලියන 2000ක් සිටින බවයි වාර්තා වන්නේ.

වට්ස්ඇප් සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගේ ගණන ද මිලියන 2000ක් වන අතර වටස්ඇප් ද එම ශ්‍රේණිගත කිරීමේ තුන්වන ස්ථානයට නම් කර තිබෙනවා.

ටික්ටොක් සමාජ මාධ්‍ය පරිශිලකයින් මිලියන 1582ක් සමගින් ශ්‍රේණිගත කිරීමේ පස්වන තැනට පත්ව තිබෙනවා.

පරිශීලයකින් මිලියන 1343ක් සිටින වී චැට් සහ පරිශීලකයින් මිලියන 1010ක් සිටින මැසෙන්ජර් ද වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය ලෙසයි නම් කර ඇත්තේ.

ඔස්ට්‍රේයාවේ සරසවි වලට මින් ඉදිරියට සල්ලි දෙන්නේ නෑ – ට්‍රම්ප් කියයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතිපාදන කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල 07 ක පර්යේෂණ (Research) වැඩසටහන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

Read More »