Search

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

2024 T20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

මෙම සංචිතය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ද අනුමත කර ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 14 වනදා ලෝක කුසලානය සඳහා පිටත්ව යනු ඇති.

ICC පිරිමි T20 ලෝක කුසලානය ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපද ක්‍රීඩාංගනවලදී පැවැත්වීමට නියමිතයි.

වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් සංචිතයට උප නායක චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක, කමිඳු මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, ධනංජය ද සිල්වා, මහිෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, නුවන් තුෂාර, මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මධුශංක ඇතුලත්.

මීට අමතරව අතිරේක ක්‍රීඩකයින් සිව් දෙනෙක්ද නම් කර ඇති අතර අසිත ප්‍රනාන්දු, විජයකාන්ත් වියස්කාන්ත්, භානුක රාජපක්ෂ සහ ජනිත් ලියනගේ එම ක්‍රීඩකයින් 4 දෙනායි.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »