Search

මෙල්බර්න්හි ජනප්‍රිය බීර කර්මාන්ත ශාලාවක් වැසේ

දශකයකට වැඩි කාලයක් මෙල්බර්න්හි ගිනිකොනදිග ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ ජනප්‍රිය බීර කර්මාන්ත ශාලාවක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

මීට සති අටකට පමණ පෙර ස්වේච්ඡා පරිපාලනයට පිවිසීමෙන් පසු ව්‍යාපාරය අවසන් කිරීමට දුෂ්කර තීරණයක් ගෙන ඇති බවයි ඩීඩ්ස් බෘවින්ග් බීර කර්මාන්ත ශාලාව හෙළි කළේ.

ගැනුම්කරුවෙකු හෝ ආයෝජකයෙකු සොයා ගැනීමට අපොහොසත් වීමෙන් පසු තමන් අකමැත්තෙන් වුව ද මෙම තීරණයට එළඹි බව ව්‍යාපාර හිමිකරුවන් සඳහන් කර තිබෙනවා.

සරසවි මිතුරන් වන පැට්‍රික් ඇලේ සහ ඩේවිඩ් මිල්ස්ටයින් විසින් 2012 දී ආරම්භ කරන ලද ඩීඩ්ස් ව්‍යාපාරය 2019 වසරේදී මෙල්බර්න් ග්ලෙන් අයිරිස් හි සිය බීර නිෂ්පාදනාගාරය විවෘත කරනු ලැබුවා.

පසුගිය වසර 12 තුළ තමන් සමග සිටි ගනුදෙනුකරුවන්ට මෙන්ම දැක්වූ සියලු ආදරය සහ සහයෝගයට ස්තූතිවන්ත වන බවයි ඔවුන් සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත්තේ.

පසුගිය වසරේ ඔස්ට්‍රේලියානු ජාත්‍යන්තර බියර් සම්මාන උළෙලේදී මෙම බීර නිෂ්පාදනාගාරය සම්මාන කිහිපයක් ද දිනා ගත අතර විවිධ බීර වර්ග 12ක් සඳහා පදක්කම් ද ලබා ගෙන තිබෙනවා.

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »