අද සිට ඔස්ට්‍රේලියාවේ වීසා ඉල්ලුම් කරන ජාත්‍යන්තර සිසුන්ට අලුත් නීතියක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය අද සිට ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

මේ අනුව අද සිට ජාත්‍යන්තර සිසුන් ඔවුන්ගේ වීසා බලපත්‍රය ලබා ගැනීම සඳහා අවම වශයෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් 29,710ක් එනම් ඇමරිකානු ඩොලර් 19,576ක ඉතුරුම් පිළිබඳ සාක්ෂි පෙන්විය යුතු වනු ඇති.

මෙය මාස හතක පමණ කාලයක් තුළ අදාළ මුදල් අවශ්‍යතාව ඉහළ නැංවූ දෙවන අවස්ථාව ලෙසටයි සැලකෙන්නේ.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ඔස්ට්‍රේලියානු ඩොලර් 21,041ක්ව පැවති මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් 24,505 දක්වා ඉහළ නංවනු ලැබුවා.

වාර්තාගත ලෙසට ඉහළ යමින් පවතින සංක්‍රමණ පාලනය කිරීමේ වැඩසටහනේ එක් පියවරක් ලෙස වංචනිකව සිසුන් බඳවා ගැනීමේ ක්‍රියාමාර්ග පිළිබඳ විද්‍යාල කිහිපයකට ද අනතුරු අඟවා ඇති බවයි වාර්තා වන්නේ.

එසේම ඉතුරුම් ගිණුම් සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ලබාදී ඇති බවට හෙළි වුවහොත් දැඩි පියවර ගන්නා බවද බලධාරීන් අවධාරණය කර තිබෙනවා.

2022 වසරේදී COVID-19 සීමාවන් ඉවත් කිරීමත් සමග වැඩි වන සංක්‍රමණිකයන් හේතුවෙන් දැනටමත් ශිෂ්‍ය වීසා නීති දැඩි කිරීමට බලධාරීන් ක්‍රියාමාර්ග රැසක් අනුගමනය කරමින් සිටිනවා.

පසුගිය මාර්තු මාසයේදී ශිෂ්‍ය වීසා සඳහා ඉංග්‍රීසි භාෂා අවශ්‍යතා වැඩි කරන ලද අතර ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕ නෙයිල් පැවසුවේ සිසුන් බඳවා ගැනීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් අධ්‍යාපන සැපයුම්කරුවන් 34 දෙනෙකුට අනතුරු ඇඟවීමේ ලිපි යවා ඇති බවයි.

ඔවුන් වරදකරුවන් වුවහොත් වසර දෙකක් දක්වා සිරගත කළ හැකි අතර සිසුන් බඳවා ගැනීම තහනම් කළ හැකි බවද ඇය ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර අධ්‍යාපනය මෙරට විශාලතම ආයෝජනවලින් එකක් වන අතර එමගින් ගතවූ මුල්‍ය වර්ෂයේදී ආර්ථිකයට ඩොලර් බිලියන 36.4ක් ලැබී තිබුණා.

ඉදිරි වසර දෙක තුළ සංක්‍රමණිකයන් බඳවා ගැනීම අඩකින් අඩු කිරීමටයි නව ප්‍රතිපත්ති මගින් රජය අපේක්ෂා කරමින් සිටින්නේ.

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »