ක්වීන්ස්ලන්ත පාසල් 100 කට අධික සංඛ්‍යාවක Super Saturday එන්නත් වැඩසටහන හෙට

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ හෙට දිනයේ පාසල් 100 කට අධික සංඛ්‍යාවක් සහභාගී වන Super Saturday එන්නත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වේ.

ගතවූ පැය 24 තුළ කිසිදු කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වී නොමැති නමුත් Logan ප්‍රදේශයේ අඩු කොවිඩ් එන්නත්කරණ අනුපාතය පිළිබඳ වැඩි අවධානයක් යොමුවී තිබේ.

ලබන සතියේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරන බව Qantas සමාගම නිවේදනය කළ නිසා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය යළි විවෘත කිරීමේ මාර්ගයේ ක්‍රමිකව ගමන් කරමින් පවතින බව ප්‍රාන්ත අගමැති  Dominic Perrottet පැවසුවේය.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 345 ක් හමුවී තිබේ.

ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 13 ක් වාර්තා වන අතර වයස අවුරුදු 12 හේ පසුවන ළමයින්ගෙන් 84% කට වඩා කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන ඇත.

මෙල්බන්හි නිවසකින් ඩොලර් ලක්ෂයකට අධික දේපළ සොරකමක්

මෙල්බර්න් හි ගිනිකොන දෙසින් පිහිටි නිවසකින් ඩොලර් 100,000ක් වටිනා මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් නව බබල් ටී නිෂ්පාදනයක්

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් සාම්ප්‍රදායික බබල් ටී වෙනුවට ඕට්ස් මිශ්‍රිත සෞඛ්‍ය සම්පන්න බබල් ටී නිෂ්පාදනයක් හඳුන්වා දී තිබෙනවා.

Read More »

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »