ඔස්ට්‍රේලියාවෙන් නව බබල් ටී නිෂ්පාදනයක්

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් සාම්ප්‍රදායික බබල් ටී වෙනුවට ඕට්ස් මිශ්‍රිත සෞඛ්‍ය සම්පන්න බබල් ටී නිෂ්පාදනයක් හඳුන්වා දී තිබෙනවා.

බබල් ටී හී සීනි සාන්ද්‍රණය අවම කර ඊට ඕට්ස් මිශ්‍ර කිරීම මගින් එහි සෞඛ්‍ය සම්පන්න බව ඉහළ දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ඉදිරි වසර හය තුළ ඔස්ට්‍රේලියාවේ බබල් ටී කර්මාන්තය වාර්ෂිකව සියයට 10කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඔස්ට්‍රේලියානුවන් අතර බබල් ටී යනු ඉතාමත් ජනප්‍රිය පානයක් වන අතර මෙලෙස සීනි සාන්ද්‍රණය අවම කරමින් සෞඛ්‍ය සම්පන්න ලෙස නිර්මාණය කිරීම මගින් ඒ සඳහා වන ජනප්‍රියතාව තවදුරටත් ඉහළ යනු ඇති.

මෙමගින් ඔස්ට්‍රේලියානු ඕට්ස් ගොවීන්ට ද ඉදිරියේදී ඉහළ වෙළඳ පොළක් නිර්මාණය වනු ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

අධික සීනි භාවිතය තුළින් දියවැඩියාව, තරබාරුකම සහ දුර්වල දන්ත සෞඛ්‍ය ඇතුළු සෞඛ්‍ය ගැටලු රැසකට පාදක වන අතර නව ඕට්ස් මිශ්‍රිත බබල්ටී ඉදිරියේදි සෞඛ්‍ය සම්පන්න පානයක් ලෙස භාවිත කල හැකි වනු ඇති.

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »