සමාජ මාධ්‍ය ගැන ෆෙඩරල් රජයෙන් විමර්ශනයක්

ෆෙඩරල් රජය සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ෆෙඩරල් රජය වඩාත් විනිවිදභාවය සහ වගවීම සඳහා වන උත්සාහයක් ලෙස සමාජ මාධ්‍ය වෙත විශේෂිත කමිටුවක් පිහිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙටා සමාගම සහ ඔස්ට්‍රේලියාවේ ප්‍රවෘත්ති සමාගම් සමඟ ඇති මූල්‍ය ගනුදෙනු අවසන් කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් යටතේ විමර්ශනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

එය ඩිජිටල් වේදිකා මත වැරදි තොරතුරුවලට එරෙහිව කටයුතු කිරීම් පිළිබඳව ද පරීක්ෂා කිරීමට නියමිතයි.

පරිශීලකයින්ගේ මානසික සෞඛ්‍යයට හානිකර අන්තර්ගතයන්ගේ බලපෑම් පිළිබඳව කමිටුව වාර්තා කිරීමට නියමිත බව සඳහන්.

සන්නිවේදන අමාත්‍ය මිෂෙල් රෝලන්ඩ් පවසන්නේ මෙම පරීක්ෂණය සමාජ මාධ්‍ය දැවැන්තයින්ට වගවීමට අවස්ථාවක් ලබා දෙන බවයි.

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »