මෙල්බන්හි නිවසකින් ඩොලර් ලක්ෂයකට අධික දේපළ සොරකමක්

මෙල්බර්න් හි ගිනිකොන දෙසින් පිහිටි නිවසකින් ඩොලර් 100,000ක් වටිනා මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පසුගියදා නාඳුනන පුද්ගලයෙකු නිවසකට කඩා වැදී මෝටර් රථය ඇතුළු දේපළ සොරකම් කර පළා ගොස් ඇති බවයි පැවසෙන්නේ.

සඳුදා අලුයම 4ට පමණ ඩොවෙටන්හි හකී වීදියේ පිහිටි නිවසට මෙම පුද්ගලයා බලහත්කාරයෙන් ඇතුළු වී ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

සැකකරු එම නිවසින් මුදල්, ස්වර්ණාභරණ, මෝටර් රථ යතුරු ඇතුළු භාණ්ඩ රැසක් සොරකම් කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ එම අවස්ථාවේ නිවසේ ළමුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු සිට ඇති බවයි.

අනතුරුව අපරාධකරු ඩොලර් 100,000ක් පමණ වටිනා ලියාපදිංචිය සහිත මෝටර් රථය රැගෙන එම ස්ථානයෙන් පලා ගිය බව සඳහන්.

මෙම සැකකරු උදෑසන 5.28 ට පමණ පෙට්‍රල් සොරකම් කරන ආකාරය ද සීසීටීවී කැමරාවක සටහන් වී තිබෙනවා.

රහස් පරීක්ෂකයින් පැවසුවේ මෙම පුද්ගලයා පෙනුමෙන් අප්‍රිකානු ජාතිකයෙකු වන අතර කළු පැහැති ඇඳුමකින් සැරසී සිටින බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් හෝ කැමරා දර්ශන ඇති ඕනෑම අයෙකු විමර්ශන නිලධාරීන්ට දැනුම් දෙන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »