ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

සමාගම විසින් ඔවුන්ට අයත් විදුලි රැහැන් ආසන්නයේ වැඩෙන වෘක්ෂලතා පරීක්ෂා කිරීමට සහ කප්පාදු කිරීමට අපොහොසත් වීම ඇතුලු නඩත්තු අසාර්ථකත්වය සම්බන්ධ චෝදනා සඳහායි මෙම දඩය නියම වී ඇත්තේ.

පවර්කෝර් තම විදුලි ජාලයට ඇති අවදානම් සහ උපද්‍රව කළමනාකරණය කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් චෝදනා 100 කට වැඩි ගණනකට වරද පිළිගෙන තිබෙනවා.

2023 වසරේ පෙබරවාරි මාසයේදී මෙල්බර්න් නගරයට බටහිරින් ග්ලෙන්මෝර් හි ඇති වූ ලැව්ගින්නකදී සමාගමේ ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් ද චෝදනාවක් ඉදිරිපත් කර ඇතැයි සඳහන්.

එම ගින්නෙන් හෙක්ටයාර් 185ක පමණ භූමි ප්‍රමාණයක් දැවී ගොස් ඇති අතර, නිවාස, වැටවල් සහ ගොවි උපකරණ රැසක් විනාශ වී තිබුණා.

ලැව්ගිනි අවදානම් කලාපවල ආක්‍රමණශීලී වෘක්ෂලතාදිය පරීක්ෂා කිරීමට අසමත්වීම් 4800කට වැඩි ප්‍රමාණයක් මෙන්ම වෘක්ෂලතා කපා හැරීමට අසමත්වීම් 140කට අදාළ චෝදනා සම්බන්ධයෙන් සමාගම දැනුවත්ව සිට ඇත්තේ ඉන් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් පමණයි.

ලැව් ගිනි රේඛාවට පහළින් ඇති අවදානම් වෘක්ෂලතාදිය කැපිය යුතු බවට වසරකට පෙර සමාගමේ පරීක්ෂකවරයකු විසින් කරන ලද නිර්දේශයක් ගින්නට දින 10 කට පෙර ඉවත දමා තිබූ බව ද අධිකරණයේදී හෙළිවී තිබෙනවා.

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »