මෙල්බන් ගුවන්තොටුපලට ආ සංචාරකයාගේ ගමන් මල්ලේ සැඟවූ සියල්ල එළියට

මෙල්බර්න් ගුවන් තොටුපළේදී පරෙවි බිත්තර සමඟ අත්අඩංගුවට ගත් සංචාරකයෙකුට දඩ මුදල් නියම කර තිබෙනවා.

ගමන් මලුවල පරෙවි බිත්තර 23ක් රැගෙන ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් ඔස්ට්‍රේලියානු දේශසීමා බළකාය විසිනුයි සැකකරුට ඩොලර් 6000කට අධික දඩයක් නියම කර ඇත්තේ.

පසුගිය පළමුවනදා මෙල්බර්න් ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී නිලධාරීන් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙම සොයා ගැනීම සිදු කර තිබුණා.

නිලධාරීන් සැකකරුගේ ගමන් මලු පරීක්ෂාවක් සිදු කළ අතර එහිදී කපු සහ ඇලුමිනියම් තීරුවලින් ඔතා තිබූ ලෝහ පෙට්ටියක තිබී පරවි බිත්තර සොයා ගෙන තිබෙනවා.

එමෙන්ම සංචාරකයාගේ ගමන් මලුවල මුද්‍රා තැබූ විවිධ කුඩා මලුවල සූරියකාන්ත බීජ අතර සඟවා තිබූ දුම්කොළ ග්‍රෑම් 9750ක් ද නිලධාරීන් විසින් සොයා ගෙන ඇතැයි සඳහන්.

පරෙවි බිත්තර ජෛව ආරක්ෂණ නිලධාරීන් වෙත යොමු කරන ලද අතර කෘෂිකර්ම, ධීවර හා වන විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සැකකාර සංචාරකයාට ඩොලර් 6260 ක දඩයක් නියම කළ බව සඳහන්.

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »