ලබන 01 දා සිට වික්ටෝරියාහි නිවාස – හෝටල් නිරෝධායනය ඉවතට / ඉදිරියේදී තවත් නීති ලිහිල් කෙරේ

ලබන පළමුවනදා සිට විදේශයන්හි සිට වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ට නිවාස හෝ හෝටල් නිරෝධායන රෙගුලාසි බල නොපැවැත්වෙන බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෘෘස් නිල වශයෙන් නිවේදනය කරයි.

ප්‍රාන්තයේ අවුරුදු 16 ට වැඩි සියයට 71.1 ක් මේ වනවිට මාත්‍රා 02 ම ගෙන ඇති අතර සියයට 90.5 ක් අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන අවසන්වීම හමුවේ මෙම තීරණය ගත් බවයි ඔහු කියාසිටියේ.

කෙසේවෙතත් මෙලෙස පැමිණෙන පුද්ගලයන් පැය 24 ක් තුළ ලබාගත් සෘණාත්මක පී සී ආර් වාර්තාවක් රැගෙන ආ යුතු වනවා.

එන්නත්කරණයට ලක්ව නොමැති පුද්ගලයන්ට නිවාස හෝ හෝටල් නිරෝධායන රෙගුලාසි අඛණ්ඩව බලපැවැත්වෙනු ඇති.

මේ අතර හැකි ඉක්මණින් සියයට 80 එන්නත්කරණ ඉලක්කය සපුරාගන්නා බවටද අගමැතිවරයා මෙහිදී සහතික විය.

ඒ අනුව වික්ටෝරියාවාසීන්ට තවත් නීති ලිහිල් කිරීම් ඉදිරියේදී අපේක්ෂා කල හැකි වනු ඇති බවද ඩැනියල් ඇන්ඩෘෘස් ප්‍රකාශ කලේය.

source : https://www.9news.com.au/national/victoria-coronavirus-quarantine-to-be-scrapped-for-overseas-travellers-double-vaccinated/778da256-7c20-4d99-bdd0-fb8c5da1106b

Online අයදුම්පතක් සම්පූර්ණ කරන්න තරුණ ප්‍රජාවට දැනුම්දීමක්

තරුණ ඔස්ට්‍රේලියානුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් තම ආදායමින් හතරෙන් එකක් ග්‍රොසරි අයිතම මිලදී ගැනීම සඳහා වැය කරන බව හෙළිව තිබෙනවා.

Read More »

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »