Day: October 20, 2021

බටහිර ඔස්ටේ්‍රලියා කඳවුරු භූමියකදී අතුරුදන්වූ දැරිය අනිවාර්යයෙන් පැහැරගෙන ඇතැයි හෙළිවෙයි

බටහිර ඔස්ටේ්‍රලියා කඳවුරු භූමියකදී අතුරුදන්වූ 04 හැවිරිදි දැරිය අනිවාර්යයෙන් පැහැර ගැනීමකට ලක්ව ඇති බව මේ වනවිට තහවුරු වී තිබේ. ඒ ඇය සිටි කූඩාරමේ Zipper එක විවෘත කර ගැනීමට තරම් ඇයගේ උස ප්‍රමාණවත් නොවන බව නිශ්චිතව අනාවරණ වීමත් සමගයි. පසුගිය සෙනසුරාදා පෙරවරුවේ සිට මෙම දැරිය අතුරුදන්ව සිටින අතර ඇය පැහැර ගත්තේද නොඑසේනම් දැරිය විසින් කූඩාරමින් පිටතට ගොස් ඇතිද යන්න මේ දක්වා අවිනිශ්චිතවයි පැවතුණේ. Cleo Smith නම් මෙම දැරිය සොයා මේ වනවිට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය පුරා සෝදිසි

Read More »

ඔස්ටේ්‍රලියාවේ නිවාස මිළ පහළයාමට 2023 පමණ වනු ඇතැයි අනාවැකියක්

දැනට සීඝ්‍රයෙන් ඉහළ යන ඔස්ටේ්‍රලියාවේ නිවාස මිළ ගණන් 2023 වසර වනවිට නැවතත් පහළයාමක් සිදුවනු ඇති බවට පුරෝකථනයක් සිදුකර තිබේ. Westpac හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Bill Evans ට අනුව දැනට පවතින ආර්ථික තත්වය ඒ වනවිට යහපත් මට්ටමකට පත්වනු ඇතැයි අපේක්ෂිතයි. ලබන වසර අගභාගය වනවිට නිවාස වෙළඳපොල ක්‍රමයෙන් සුභවාදී මට්ටමකට පත්වීම ආරම්භවී 2023 වසර වනවිට මුලුමනින්ම යථා තත්වයට පත්වනු ඇති බවයි ඔහුගේ ස්ථාවරය වන්නේ. ඒ අනුව දැනට පවතින නිවාස මිළ ගණන් 2022 වසරේදී සියයට 08 කින් පමණ

Read More »

“ෆේස්බුක්” නම වෙනස් කරයි ???

ලොව ජනප්‍රියම සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක් සමාගම සිය නාමය වෙනස් කිරීමට සූදානම් වන බවට වාර්තා පළවනවා. ලබන 28 වනදා පැවැත්වෙන සමාගමේ වාර්ෂික සමුලුවේදී ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් විසින් එය නිල වශයෙන් එළි දක්වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ. කෙසේවෙතත් නව නාමය කුමක්ද යන්න මේ දක්වා කිසිදු ඉගියක් පළවී නැහැ. ඉන්ස්ටග්‍රම් – වට්ස්ඇප් සහ ෆේස්බුක් ඇතුලු සමාජ ජාල කිහිපයක හිමිකාරීත්වය ඇත්තේ එකම සමාගමකටයි. කෙසේවෙතත් පුද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තිය නිසි පරිදි ආරක්ෂා නොකිරීමත් වරින්වර සේවා බිඳ වැටීමත්

Read More »

ඔස්ටේ්‍රලියාව පුරා Woolworths වෙළඳසැල් වලින් පිහි සහ කතුරු අලෙවියෙන් ඉවතට

ඔස්ටේ්‍රලියාව පුරා පිහිටි තම සියලුම අලෙවිසැල් වලින් පිහි සහ කතුරු අලෙවියෙන් ඉවත් කිරීමට Woolworths තීරණය කරයි. මෙල්බර්න් Brunswick හි Barkly Square Shopping Centre හි Woolworths වෙළඳසැලේදී පසුගිය සඳුදා දිනයේදි පුද්ගලයෙකුට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ලවීම මීට හේතුවයි. කෙසේවෙතත් මෙම තීරණය තාවකාලික බවද පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව පතා ගත් තීරණයක් බවද Woolworths නිවේදනය කලේය. පසුගිය සඳුදා පෙරවරු 08 ට පමණ සිදුවූ අදාල තියුණු ආයුධ ප්‍රහාරයෙන් 60 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලැබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් 20 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට පත්විය. කෙසේවෙතත්

Read More »

විදේශයන්හි සිට වික්ටෝරියා එන පුද්ගලයන් සඳහා නිවාස නිරෝධායනය ලබන 27 දා සිට

විදේශයන්හි සිට පැමිණෙන පුද්ගලයන් සඳහා නිවාස නිරෝධායන වැඩපිළිවෙල ලබන 27 වනදා සිට අත්හදා බැලීමට වික්ටෝරියා ප්‍රාන්තය සැළසුම් කර තිබේ. කොවිඩ් එන්නත් මාත්‍රා 02 ම ලබාගෙන ඇති පුද්ගලයන්ට පමණක් එය වලංගු වනු ඇති. ලන්ඩන් සිට මෙල්බර්න් දක්වා එදින පැමිණෙන මගීන් පිරිසක් මෙම නියමු ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන ඇත. ඔවුන් දින 07 ක් නිවසෙහි නිරෝධායනය විය යුතු අතර facial recognition & GPS තාක්ෂණය අනුබද්ධ ජංගම දුරකථන ඇප්ලිකේෂනයක් හරහා සැබෑ ලෙසම අදාළ ස්ථානයේ සිටින්නේදැයි නිරීක්ෂණය කර බැලෙනු ඇති. නිවු

Read More »