විදේශයන්හි සිට වික්ටෝරියා එන පුද්ගලයන් සඳහා නිවාස නිරෝධායනය ලබන 27 දා සිට

විදේශයන්හි සිට පැමිණෙන පුද්ගලයන් සඳහා නිවාස නිරෝධායන වැඩපිළිවෙල ලබන 27 වනදා සිට අත්හදා බැලීමට වික්ටෝරියා ප්‍රාන්තය සැළසුම් කර තිබේ.

කොවිඩ් එන්නත් මාත්‍රා 02 ම ලබාගෙන ඇති පුද්ගලයන්ට පමණක් එය වලංගු වනු ඇති.

ලන්ඩන් සිට මෙල්බර්න් දක්වා එදින පැමිණෙන මගීන් පිරිසක් මෙම නියමු ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන ඇත.

ඔවුන් දින 07 ක් නිවසෙහි නිරෝධායනය විය යුතු අතර facial recognition & GPS තාක්ෂණය අනුබද්ධ ජංගම දුරකථන ඇප්ලිකේෂනයක් හරහා සැබෑ ලෙසම අදාළ ස්ථානයේ සිටින්නේදැයි නිරීක්ෂණය කර බැලෙනු ඇති.

නිවු සවුත් වේල්ස් හා ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත විසින්ද මේ වනවිට මෙවැනි නියමු ව්‍යාපෘති සැලසුම් කර තිඛෙනවා.

ලබන පළමුවනදා සිට විදේශයන් හි සිට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් නිරෝධායනයෙන් මුදා හැරේ.

ඒ සඳහා ඔවුන් ඔස්ටේ්‍රලියාව තුළ අනුමත ඇස්ට්‍රා-සෙනෙකා / ෆයිසර් / මොඩර්නා හෝ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත් මාත්‍රා අතුරින් පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටිය යුතු වනවා.

ඊට අමතරව ගුවන් ගමනට පෙර ලබාගත් සෘණාත්මක පී සී ආර් ප්‍රථීඵල වාර්තාවක්ද ඉදිරිපත් කිරීම අනිවාර්යයි.

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »